Contact Information

WhatsApp Us

Apple සමාගමේ ඔක්තෝබර් event එකේ ආවරණය.

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Apple සමාගම තමන්ගෙ අලුත්ම නිශ්පාදන සහ සේවාවන් හඳුන්වලා දෙන ඔක්තෝබර් මාසයේ event එක පසුගිය 18 වැනිදා පැවැතුවූවා. මේක නම් කරල තිබුනෙ “Unleashed” කියන නමින්. හුඟ දෙනෙක් අනාවැකි පලකලා වගේ Apple සමාගමේ බලවත් M1 chip එකේ තවත් බලවත් අනුප්‍රාප්තිකයො දෙන්නෙක් මේ event එකේදි අපිට බලාගන්න පුලුවන් උනා. ඔයාට ඒ event එක මගහැරුනනම් මේ ලිපියෙන් ඒකෙදි එලිදැක්වුන සියලුම දේවල් වල සාරාංශයක් කියවන්න පුලුවන්.

අලුත් design එකකින් එලිදැක්වුනු MacBook Pros.

මේ event එකේදි Apple සමාගම අලුත්ම MacBook Pros models දෙකක් එලි දැක්වූවා, ඒ අඟල් 14 සහ අඟල් 16 වශයෙන්. මේ model එක්ක touch bar එක ඉවත් කරල තියනව සහ ඒ වෙනුවට සම්පූර්ණ function keys පේලියක් ඇතුලත් කරල තියනවා. මීට අවුරුදු කිහිපයකට කලින් Apple විසින්ම ඉවත් කරපු ports කිහිපයක් මේ අලුත් models වලදි නැවත හඳුන්වලා දීලා තියනවා. HDMI port එකක්, Thunderbolt ports තුනක්, SD card slot එකක්, headphone jack එකක් සහ MagSafe charger එකත් මේ MacBook Pros වලට ඇතුලත් කරල තියනවා. මේ notebooks වල screen එකට 120Hz refresh rate එකක් ලබාදෙන ProMotion පහසුකමත් ලබාදීලා තියනවා. අඟල් 14 model එකේ මිල ආරම්භ වෙන්නෙ ඇමරිකානු ඩොලර් 1499න් සහ අඟල් 16 model එකේ මිල ආරම්භ වෙන්නෙ ඩොලර් 2499න්. මේ models දෙකම බලගැන්වෙන්නෙ Apple අලුත්ම M1 Pro සහ M1 Max chips වලිනුයි.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

උඩ පින්තූරයේ පෙනෙන විදිහට මේ අලුත් MacBook Pro models වල වටේ bezels අඩු වෙලා screen එකට උඩින් notch එකක් ඇවිල්ල තියනවා. මේක මෙච්චර පලළ මොන හේතුවකටද කියලනම් සඳහනක් නෑ, මොකද face unlock පහසුකමවත් මේකෙ ඇතුලත් වෙන්නෙ නෑ. සමහරවිට iPhone වල notch එකට සමාන පෙනුමක් දෙන්න ඕන නිසා මේක කරා වෙන්න පුලුවන්. කොහොම උනත් මේ සැරේ වඩාත් හොඳ 1080p front camera එකක්නම් ලබාදීල තියනවා.

Apple සමාගමේ අලුත්ම M1 Pro සහ M1 Max custom chips.

අපි කවුරුත් දන්නවා Apple devices වල ඉහල performance එකට බලපාන ප්‍රධාන සාධකය තමයි එයාලගෙ custom chips. ඉතින් මේ Unleashed event එකේදි අලුත් MacBook Pros වලටම අලුත් M1 chip දෙකක් හඳුන්වලා දුන්නා, ඒ M1 Pro සහ M1 Max. Apple සමාගම විසින් පෙන්නපු slides වල හැටියටනම් දැනට market එකේ තියන Intel වගේ chips වලට වඩා කිහිප ගුණයක performance එකක් මේ අලුත් chips වලින් ලබාගන්න පුලුවන්. M1 Pro chip එක සෑදීමට transistors බිලියන 33ක් පමණ යොදාගෙන තිබෙන අතර M1 Max chip එක සාදන්න transistors බිලියන 57ක් යොදාගෙන තියනවා.

ඊලඟ පරපුරේ Apple AirPods.

AirPods වල අලුත් කරපු model එක මේ event එකේදී හඳුන්වලා දුන්නා. ඒක පෙනුමෙන් හුඟක් AirPods Pro වලට සමාන වුනත් මාරු කරන්න පුලුවන් rubber tips ඇතුලත් වෙන්නෙ නෑ. මේ අලුත් AirPods, spatial audio වලට සහය දක්වනව වගේම දාඩිය සහ වතුරට ඔරොත්තු දෙන ලෙස design කරල තියනවා. මේවගෙ මිල ඇමරිකානු ඩොලර් 179ක්.

මීට අමතරව Apple සමාගමේ HomePod Mini වල අලුත් වර්ණ 3ක් හඳුන්වාදුන්නා, ඒ කහ, තැඹිලි සහ නිල් වර්ණ වලින්. ඒවගෙ මිලත් කලින් වගේම ඇමරිකානු ඩොලර් 99ක් වෙනවා.

Apple Music වලට අලුත් plan එකක් මේ Unleashed event එකේදි හඳුන්වා දුන්නා. ඒ “Apple Music Voice Plan” නමින්. මාසයකට ඩොලර් 4.99ක් වෙන මේක පාවිච්චි කරන්න පුලුවන් Voice commands වලින් පමණයි, ඒ කියන්නෙ Siri හරහා විතරයි මේ plan එකේදි contents පාලනය කරන්න පුලුවන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *