Home Tech News cyber security Malware පතුරුවන Android Bar Code Scanner
cyber securityPhonesTech NewsUpdates

Malware පතුරුවන Android Bar Code Scanner

Share
blank
Share

‘Barcode Scanner’ යන නාමයෙන් ඇති Google Play Store වෙතින් ලබා ගත හැකි යෙදවුමක් විනාශකාරී Malware එකක් ලෙස ක්‍රියා කරන බවට ප්‍රකට MalwareBytes සමාගමේ පර්යේෂකයින් විසින් පසුගියදා අනාවරණය කරන ලදී.

Lavabird සමාගම විසින් සංවර්ධනය කරන මෙම යෙදවුම තම Android දුරකථනයේ කැමරාව භාවිතා කර Barcode හා QR code scan කිරීම සකසා ඇති අතර දැනට මිලියන 10ක් පමණ පරිශීලකයන් Play Store හරහා download කර භාවිතා කරන බවට සැලවේ.

මෙම යෙදවුමේ නවතම යාවත්කාලීන සංස්කරණය ස්මාට් ජංගම දුරකථනය තුළ install කළ පසු අනුදැනුමකින් තොරව ස්වයංක්රීයව විශාල වශයෙන් දැන්වීම් එවීම හා අනාරක්ෂිත වෙබ් අඩවි වෙත පරිශීලකයා යොමු කරන ආකාරයට සකසා ඇත.

MalwareBytes පර්යේෂකයන් වාර්තා කරන ආකාරයට මෙම යෙදවුම සඳහා පසුගිය දෙසැම්බර් මස දී නිකුත් කළ යාවත්කාලීන සංස්කරණය තුළ පෙර දක්නට නොලැබුණු malicious codes අන්තර්ගත වන බවයි. Google හි Play Protect ආරක්ෂක සැකසුමට හඳුනා ගැනීමට නොහැකි වන ආකාරයට එම කේත අපැහැදිලි ආකාරයෙන් පවතින බවට පර්යේෂකයන් ප්රකාශ කරයි.

Google සමාගම මේ සම්බන්ධයෙන් නිවේදනයක් දැනට නිකුත් කර නොමැති බවත් වාර්තා වේ.

ඔබගේ දුරකථනය තුළ දැනටමත් Barcode Scanner එකක් install කර ඇත්නම්, දුරකථනය අසාමාන්ය ලෙස කරන ලෙසට හැඟෙන්නේ නම්, Android හි App Settings වෙත ගොස් එම යෙදවුමට අදාල package name එක පරීක්ෂා කරන්න. එය ‘com.qrcodescanner.barcodescanner’ ලෙස ඇත්නම් වහාම ඊට අදාළ යෙදවුම uninstall කර දමන්න.

Share

8 Comments

Leave a Reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...