Press ESC to close

දැන් ලංකාවටත් එන Windows Creators update

Windows xp, 2000, Vista, 7, 8 සංස්කරණ (version) විදිහට ආපු Windows මෙහෙයුම් පද්ධතිය 2015 දි නිකුත් කරපු Windows 10 සංස්කරණයත් එක්ක නැවතුනා.

දැනට තියෙන windows 10 සංස්කරණයම update වෙන විදිහට සැකසුන යාන්ත්‍රණයක් (update method)  එක්ක මින් ඉදිරියට Windows 10 මෙහෙයුම් පද්ධතියට අලුත් අංග එකතු වෙනු ඇති. ඉතින් මේ විදිහට නිකුත් කරපු feature updates විවිද නම් වලින් තමයි නිකුත් උනේ.

Get Your Site Up with A2 Hosting

Threshold 2 “TH2” update

2015 නොවැම්බර් නිකුත් කරපු Threshold 2 “TH2” update එක Windows 10 version එක 1511 ට වෙනස් කරා වගේම ඒත් එක්ක

  • මෙහෙයුම් පද්ධතියෙ වැඩිදියුණු කිරීම්
  • user interface එකේ වැඩිදියුණු කිරීම්
  • Skype මත පදනම් වූ Messaging App එක හදුන්වා දීම

වගේ දේවල් එකතු උනා.

Windows 10 anniversary update – (Redstone 1)

දෙවෙනි Major update එක උනේ 2016 අගෝස්තු Windows 10 anniversary update එකයි. Redstone 1 විදිහටත් මේක හදුන්වනව. මේකෙදි Windows 10 Version එක 1607 ට වෙනස් උනා. මේ update එකේදි

  • Windows ink platform එක හදුන්වා දුන්නා. මේ හරහා stylus / pen input එක Universal Windows app වලට එකතු කරන්න පහසුකම් සැලසුනා.
  • Dark / Light theme modes – Windows mobile එකේ තිබුන dark theme mode එක Windows desktop එකට එකතු උනා.
  • Cortana ක්‍රියාකාරිත්වයේ වැඩිදියුණු කිරීම්
  • Skype හැම Windows platform එකකටම පොදු UWP – universal Windows App එකක් ලෙස නිකුත් කිරීම.
  • Video games සදහා වැඩිදියුණු කිරීම්
  • Linux software Run කරන්න පුලුවන් Windows Sub system එකක් හදුන්වා දීම

වගේ නව අංග විශාල ප්‍රමාණයක් එකතු උනා.

Creators Update – Redstone 2

2017 අප්‍රේල් මාසෙ 11 වෙනිදා තමයි මේ Feature updates වල අලුත්ම Update එක “Creators Update” විදිහට නිකුත් උනේ. මේ තමයි Redstone 2 විදිහට 2016 දි හදුන්වපු Update එක. මේ update එකේදි Windows Version එක 1703 ට වෙනස් උනා. ඒ වගේම

Settings වල අලුත් gaming category එකක් ඇවිත් තියෙනව. මේකෙන් games play කරනකොට සම්පූර්ණ system එකම Game එකට මුල්තැන දීල කටයුතු කරනව වගේම Game එක කිසිම Software එකක් නැතුව built in Beam කියන Service එක හරහා stream කරන්නත් පුලුවන්.

3D paint කියන්නෙ මේ Creators update එකෙන් එකතු වෙච්ච 3D modeling program එක. මේක තාම ළදරු අවධියෙ තිබුනත් මෙහෙයුම් පද්ධතියත් එක්ක නොමිලේ ලබාදෙන මේ App එකෙන් කරන්න පුලුවන් දේවල් සහ interface එක අනුව මේක ලගදිම 3D නිර්මාණ ඕනම කෙනෙකුට කරන්න පුලුවන් තත්වයකට පත් කරන්න පුලුවන්.

ඔයාලට update එක ආවද?

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *