Home Tech News අළුත් වෙන Google Android Wear 2.0
Tech News

අළුත් වෙන Google Android Wear 2.0

Share
blank
Share

Android Wear කියන්නෙ 2014දි Google සමාගම smart watches සදහාම හදපු OS එකයි. (Apple සමාගම තමන්ගෙ smart watch එකටම හදපු watch OS එක වගේ) Android කියන නම තිබුනට Android Wear OS එක මගින් කරන්නෙ Android phone එකක් එක්ක සම්බන්ධ වෙමින් එහි ක්‍රියාකාරීත්වය හා services ලබා ගැනීමට පහසු user experience එකක් ලබා දීමයි.

https://www.android.com/wear/

Phone එක සාක්කුවෙන් ගන්නෙ නැතුවම වේලාව කාලගුණය බලාගන්න වගේම phone එකට එන messages, social media notifications, calls ගැන දැනුවත් කරන්නත් ඒවාට Reply කරන්නත් මේ මගින් පුළුවන්.
OK google commands වලට support කරන නිසා Android Wear වලින් Voice commands මගින් internet search කරන්නත් පුළුවන්. Sony, Asus, LG, MOTO, Huawei වගේ phone නිෂ්පාදනය කරන සමාගම් වගේම watches විතරක්ම හදන දැවැන්ත සමාගම් වන Casio, Tag Heuer වගේ අයත් Android Wear පාවිච්චි කරමින් smart watches නිකුත් කරා. විවිධ සමාගම් නිෂ්පාදනය කරන නිසා හැම smart watch එකම Hardware අංගයන් අතින් සමාන නැහැ. සමහර watch වල fitness tracking වලට අවශ්‍ය sensor වගේම gps තිබුනත් තවත් එකක ඒ දෙය නැති නිසා Apple watch වගේ එකම user experience එකක් හැම watch එකෙන්ම ලබාගන්න බැහැ. 

2016 වසරේ Google සමාගම වෙළදපලට නිකුත් කල Pixle phone වල සාර්ථකත්වයත් එක්ක Google සමාගම තමන් විසින්ම සැලසුම් කරල නිපදවන පැළදුම් Wearable’s ද නිකුත් කරන්නට සූදානම් වෙනවා. Android Wear 2.0 OS update එකත් සමගම Google සමාගම නව smart watches 2ක් නිකුත් කරන්න යනව.බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙච්ච අංගයන් කිහිපයක්ම Android Wear 2.0 එක්ක නිකුත් වෙනව. WIFI වගේම Cellular LTE සම්බන්ධයත් තිබෙන Android Wear 2.0 smart watch එකකින් කෙලින්ම internet යන්න වගේම calls ගන්නත් පහසුකම් සැලසෙනව.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...