Press ESC to close

ZOTAC Geforce GTX 1050Ti Graphic Card unboxing

අලුත්ම Game වලට PC එක upgrade කරන්න යන අයට එන ප්‍රශ්නයක් තමයි high performance gaming card හැම එකක්ම වගෙ ගොඩක් ලොකු (අගල් 11) ඒව වීම. මේ නිසා සමහර Casing වලට මේව fix කරන්න අමාරුයි. ඒ ගැටලුවට විසදුමක් තමයි මේ ZOTAC Geforce GTX 1050Ti Card එක.

Unboxing Package එක

Get Your Site Up with A2 Hosting

Zotac කියන්නෙ Nvidia chip විතරක් පාවිච්චි කරමින් Graphic Card නිපදවන Brand එකක්. ගොඩක් වෙලාවට මෙයාලගෙ package එකේ එන්නෙ අත්‍යවශ්‍ය දේවල් විතරයි.

  • ZOTAC Geforce GTX 1050Ti Graphic Card එක
  • ZOTAC Product Promotion pamphlet එක
  • Quick Setup guide එක

Unboxing Video එකත් බලන්න

 

Features

ZOTAC Geforce GTX 1050Ti Graphic Card එකේ 4GB VRAM එකක් තියෙනව. ඒ වගේම Nvidia Reference Design එකට වඩා Base Clock Boost Clock වැඩි කරල තියෙන්නෙ.  Card එකේ Specifications ගත්තොත්

ArchitecturePascal
VRAM4GB GDDR5
Base Clock1392 MHz
Boost Clock1506 MHz
Memory Clock7000 MHz
Memory Bus128-bit
Power Consumption75 watts
Direct X12

 

SLI

අනෙක් Nvidia GTX 1050 – 1050 Ti වල වගේම මේ ZOTAC කාඩ් එකත් SLI පහසුකම නැහැ. SLI කියන්නෙ Graphics Card දෙකක් එකට සම්බන්ධ කරල පාවිච්චි කරන Setup එකක්. මේ වගේ Setup එකකින් උපරිම performance ගන්න නම් SLI – support කරන games වගේම ඒකට හරියන Driver එකත් පාවිච්චි කරන්න ඕන. හැබැයි මේ Performance වැඩි වීම එක එක Computer setup එක අනුව වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

Form Factor

මේ කාඩ් එක ප්‍රමාණයෙන් පොඩියි. අගල් 7ක් ( සෙ මී 17.5) දිග සහ අගල් 4.5 (සෙ මී 11) පළල මේ ZOTAC GTX 1050 Ti කාඩ් එකේ තියෙන්නෙ 70 mm Fan දෙකක්. Dual slot design එකෙන් එන කාඩ් එකේ Copper Heat pipes සහ GPU එකට කෙලින්ම Touch වෙන Copper Block එකක් තියෙන නිසා කාර්යක්ෂමවත් Cooling එකක් සිද්ද වෙනව.

Performance

size එකෙන් පොඩි උනාට මෙයාගේ වැඩ නම් අනෙක් GTX 1050 Ti Cards වගේම තමයි. referance Nvidia Card එකට වඩා වැඩි කරල එන Base සහ Boost clock speeds එක්ක, High / Medium Settings යටතේ අපි test කරපු Games වල performance පහත තියෙනව. 2017 තියෙන Games 1080p වලින් High / Medium Settings වලින් හොදට play කරන්න මේ card එකෙන් පුලුවන්.

Outputs

Card එකේ outs විදිහට  DVI port එකක්, Display Port (Version 1.4) එකක් සහ HDMI 2.0 port  එකක් තියෙනව. මේව පිලිවෙලින්

DVI port – 3K දක්වා output එකක් ගන්න පුලුවන්

Display Port – 8k දක්වා output එකක් ගන්න පුලුවන්

HDMI port – 4k දක්වා output එකක් ගන්න පුලුවන්

Power

කාඩ් එකට Extra Power අවශ්‍ය නැහැ. PCI Express එකෙන් එන 75 watt විතරක් ප්‍රමාණවත් නිසා Actual 300 watt power supply එකකින් මේ කාඩ් එක තියෙන System එකක් ක්‍රියාත්මක කරන්න පුලුවන්. Actual 350 – 400 Watt එකක් නම් වඩාත් හොදයි.

Experience එක සහ මිල

ZOTAC Geforce GTX 1050Ti Graphic Card එකේ අලුත්ම මිලගණන් දැනගන්න Nanotek computer solutions price list එකට යන්න.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *