විපතට පත් අයට උදව් කරන්න ලංකාවෙ සෙට් එකක් හදපු reliefsupports.org

http://reliefsupports.org/

ලංකාවෙ ගොඩක් ප්‍රදේශවලට බලපාල තියෙන ගංවතුර සහ නායයාම් තත්වයත් එක්ක හුග දෙනෙක් Facebook එක පාවිච්චි කරමින් ඒ ගැන පණිවිඩ බෙදා හරින එක දකින්නත් සතුටුයි. කවුරු කවුරුත් එකා වගේ මේ දේවල් වලට තමන්ට හැකි පමණින් උදව් කරද්දි තාක්ෂණික වශයෙන් ලංකාවෙ කොල්ලෙක් කරපු හපන්කමක් ගැනයි මේ ලියන්නෙ.

දැනට Facebook එකේ සහනාධාර, ආපදාවන්ට පත් වූ අයට උදව් කරන්න කියල දේවල් Share කරාට ඒවල කිසිම පිලිවෙලක් නැහැ. සමහර අය දවස් දෙකක් විතර පරණ Post පවා Share කරන්නෙ උදව් කරන්න කියල හිතාගෙන ඒත් මේකෙන් වෙන්නෙ එකම පණිවිඩය ආයෙත් Share වෙන එකයි. ඒ නිසා මේ ලිපිය කියවනවනම් ආයෙ post එකක් දානකොට දවස එක්ක වෙලාවත් අන්තිමට දාන්න.

මේ පටලැවිල්ල ලිහල පිලිවෙලකට ආපදාවට ලක්වෙච්ච අයට උදව් ලබාගන්න වගේම උදව් කරන්න බලන් ඉන්න අයටත් ඒ තොරතුරු ගන්න පුලුවන් Website එකක් – http://reliefsupports.org – හදන්න අපේම කොල්ලෙක් වෙන ධනිෂ්ක නවීන් සහ පිරිසක් පටන් අරන්. දැනටමත් මේක වැඩ. ඉදිරි දවස් කීපය ඇතුලත මේකට තවත් අංග එකතු කරනව කියල එයාගෙ Facebook පිටුවෙ සදහන්. මේක mobile එකෙත් වැඩ. පින්තූර මොකුත් නැති නිසා අවශ්‍ය තොරතුරු ඉක්මනින් බලාගන්න වගේම මේ වෙලාවෙ හැටියට battery, Data ඉතුරු කරගෙන ඒ දේවල් වලට උදව් වෙන්නතු පුලුවන්.

Review Sri Lanka කියන්නෙ ලංකාවෙ තියෙන භාන්ඩ හා සේවා ගැන අපේ අදහස් කියන්න පුලුවන් තැනක්. www.reviewsrilanka.com

උදව් කරන අය මේ සයිට් එකට යන්න ඒ වගේම ධනිෂ්ක පටන් ගන්න Help Desk එකටත් ගෙදර ඉදන් උදව් කරන්න පුලුවන් අය එකතු වෙන්න.

Tech writer, Youtube presenter & PC junky from Sri Lanka
Please follow and like us:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*