Contact Information

WhatsApp Us

ONWARD – VR ගේම් එක

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Virtual Reality කියන්නෙ මීට වසර කිහිපයකට කලින් concept එකක් විදිහට ඉදිරිපත් වෙලා දැන් ජනප්‍රිය වෙමින් පවතින computer gaming platform එකක්. Computer gaming වලට එන්න සෑහෙන කාලෙකට කලින් ඉදන් මේ technology එක NASA ආයතනය තමන්ගෙ අභ්‍යවකාශගාමීන් පුහුණු කරන්න පාවිච්චි කරා.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේ platform එකට games කිහිපයක් නිර්මාණය උනත් ඒවා බොහෝවිට golf simulators, hill climbing, theme park tours, roller coaster rides වගේ දේවල්, නමුත් අපි හැමදෙනාම ආදරේ කරන Call of Duty වගේ game එකක් තමයි තාමත් beta අවධියෙ තියෙන ONWARD VR කියන්නෙ.
තාමත් අවසන් වෙලා නැති උනත් මේ game එක steam හරහා මිලදී ගන්න පුලුවන්. මේ ගේම් එකේ විශේෂත්වය වෙන්නෙ මෙතෙක් කල් එක තැන වාඩිවෙලා play කරපු computer games ඉන් එහා මානයකට ගෙනයන්න මීට හැකි වීමයි. Crouch කරන්න ඕන නම් ඇත්තටම දණගහන්න වෙනව, reload කරන්න නම් ඇත්තටම Magazine එක ගලවල නැවත දාන්න වෙනව. අපට පුරුදු shortcut keys වෙනුවට ඇත්ත ලෝකයෙදි වගේ හැම Action එකක්ම කරන්න වීම වෙනස්ම අත්දැකීමක් වෙනව. පහත වීඩියො එකෙන් මේ ගේම් එකේ multiplayer session එකක් පෙන්වනව.

https://www.youtube.com/watch?v=xkbpFp1Yr-0

දැනට මේ තාක්ෂණය පාවිච්චි කරන්න අවශය කරන උපකරණ වන powerful PC එකක් සහ VR Head set එකක් ටිකක් මිල අධික වුනත් මීලග වසර කිහිපයෙදි මේ අලුත් තාක්ෂණය හැමදෙනාටම ගන්න පුලුවන් තරමට මිල අඩුවේවි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *