Press ESC to close

iPhone 7 ගන්නවනම් මේ ගැන දැනුවත් වෙන්න

ලෝකයෙ ජනප්‍රියම ජංගම දුරකථනය වෙන්නෙ iPhone එකයි. මේ නිසාම iPhone එකක් ගන්න එක ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුවක්. 2016 නිකුත් කරපු අලුත්ම iPhone 7 එකක් ගන්න කලින් මේ ගැනත් දැනුවත් වෙන්න.

මෙච්චර කල් iPhone වල Data Network connection එකට අවශ්‍ය කරන MODEM chip එක හැදුවෙ ලෝකයෙම mobile chip වල අංක එක දිනාගෙන ඉන්න Qualcomm සමාගමයි. ඒත් iPhone 7 එකේ ඉදන් intel සමාගම නිපදවන MODEM chip එකකුත් මේකට එකතු කරල iPhone 7 එක වර්ග 2ක් විදිහට නිකුත් කරනව.

Get Your Site Up with A2 Hosting

මොකක්ද හොද iPhone 7 එක? Qualcomm chip එක තියෙන එක තමයි හොද. හේතුව තමයි Qualcomm MODEM chip එක Data Connection එක සදහා දැනට ලෝකයෙ තියෙන (data Transfer Standards) සම්මත හැම එකකටම සහය දැක්වීම. intel MODEM එක සහය දක්වන්නෙ සම්මත (standards) කිහිපයකට විතරයි.

MODEMiPhone Model NumberSpeed
Qualcomm X 12 chipA1660 - A1661
GSM | CDMA | WCDMA | TD-SCDMA | LTE
600 Mbps
intel XMM 7360 chipA1778 - A1784
GSM | WCDMA | LTE
450 Mbps

ඒ කියන්නෙ intel MODEM chip එක තියෙන iPhone 7 එකේ දත්ත හුවමාරු වේගය අඩුයි වගේම signal අඩු තැන්වලදි ඒ වේගය 70% ක් තරම් පහල යන්නත් පුලුවන් කමක් තියෙනව කියන එකයි.

ඔයා මේ link එකෙන් iPhone 7 specs page එකේ Cellular & connectivity කොටසට ගියොත් මේ වෙනස බලන්න පුලුවන්.

Apple සමාගම මේ iPhone 7 වර්ග දෙකේම Data connection වල වේගය සහ ක්‍රියාකාරීත්වය එක සමානයි කිව්වට, උවමනාවෙන්ම Qualcomm MODEM chip එකේ performance අඩු කරල කියලයි වාර්තා වෙන්නෙ. මේ iPhone 7 වර්ග දෙකේ Data connectivity පරීක්ෂා කරාම qualcomm chip එක තියෙන iPhone 7 එක intel chip එක තියෙන iPhone 7 එකට වඩා වේගයෙන් වැඩිවෙන්නෙ පොඩි ප්‍රමානයකින්. ඒත් මේ Qualcomm X12 chip එකම තියෙන Samsung galaxy S7 phone එකේ data connectivity එක ඊට වඩා දෙගුනයක් වේගවත්. මේ ගැන දැන් Apple සහ Qualcomm සමාගම නඩු වලටත් පැටලිලයි ඉන්නෙ.

කොහොම උනත් Apple සමාගම මේ වගේ තමන්ගෙ phone කොටස් ගන්න සැපයුම්කරුවො කිහිපදෙනෙක් තෝරගන්න එක හොද දෙයක්. මොකද තරගකාරී මිළ ගණන් වගේම ලොකු සැපයුම් වලදි වේගවත්ව ඒව ලබා ගන්නත් පුලුවන් නිසා. කොහොම උනත් මේ intel MODEM chip එක තමයි මුලින්ම නිකුත් කරපු iPhone එකේ ඉදන් 2011 වෙනකම් iPhone වල ආවෙ.

infinion කියන සමාගම නිපදවපු මේ MODEM chip එක මුල්ම iPhone වල ආවෙ පළමුවෙන්ම iPhone විකුනපු AT&T සමාගමේ තිබුන GSM network 2වලට සහය දක්වපු නිසා. ඒත් 2011 ඉදන් Apple සමාගම Verizon Network එකටත් iPhone නිකුත් කරද්දි ඒ සම්මත හැම එකකටම සහය දක්වන Qualcomm MODEM එක තමන්ගෙ iPhone වලට තෝරගත්ත. පස්සෙ intel සමාගම විසින් මේ Infinion සමාගම මිලට ගත්තට පස්සෙ තමයි මේ විදිහට නම වෙනස් කරල intel XMM 7360 MODEM එක නිකුත් කරේ.

කොහොම උනත් 2017 intel සමාගම එයාලගෙ අලුත්ම intel XMM 7560 MODEM chip එක ගැන කිව්ව. 1Gbps  වේගයක් වගේම මෙච්චර කල් අඩුපාඩුවක් වෙලා තිබ්බ CDMA තාක්ෂණයත් මේකෙ තියෙනව. හැබැයි මේක නිෂ්පාදයනට නිකුත් කරන්නෙ 2018දි.

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *