Press ESC to close

intel 7th Gen වලට upgrade කරන්න ඕනෙද?

intel සමාගම මේ අවුරුද්දෙ තමන්ගෙ CPU line up එකේ අලුත් නිෂ්නාදන  පෙල නිකුත් කලා. intel 7th Generation විදිහට brand කරල තියෙන මේ CPU එකට මාරු වෙන්න හිතාගෙන ඉන්නවනම් මේ ගැනත් හිතන්න. අලුත් intel 7th generation kaby lake chip වලදි මේ cycle එක වෙනුවට කලින් නිකුත් කරපු intel sky lake chip වල පාවිච්චි කරපු 14 nanometer lithography ක්‍රමයමයි යොදාගෙන තියෙන්නෙ. intel සමාගම මෙහි fine tuning කරමින් performance යම් තරමකට වැඩි කරල තිබුනත්, 6th Generation CPU එකක් එක්ක බලද්දි  එදිනෙදා කටයුතු වලදි  සැලකිය යුතු වේගයක් මෙයින් ලැබෙන්නෙ නැහැ.

Get Your Site Up with A2 Hosting

intel සමාගමේ නිර්මාතෘවරයෙක් වෙන Gordon Moore ඉදිරිපත් කරපු සෑම මාස 24කට වරක්ම integrated circuit එකක තිබෙන transistor ගණන දෙගුන විය යුතුයි යන නියමය පිලිපදිමින් තමයි මෙතෙක් කල් intel සමාගම කටයුතු කලේ. මේ නියමය අනුව හැම අවුරුදු 2කට වරක්ම intel සමාගම තමන්ගෙ CPU වල transistor ගණන දෙගුන කරන්න කටයුතු කලේ ඒවා නිපදවන lithography ක්‍රමය කුඩා කරමිනුයි.

(පිටුවක ලියන්න පුලුවන් අකුරු ගණන තීරනය වෙන්නෙ එක අකුරක විශාලත්වය අනුවයි. ඉතින් අකුරක size එක පොඩි කලාම ලියන්න පුලුවන් අකුරු ගණන වැඩි වෙනව. මේ වගේ දෙයක් තමයි intel සමාගම මෙතෙක් කාලයක්  තමන්ගෙ lithography ක්‍රමය කුඩා කරමින් සිදුකරේ )

දැන් computer එක upgrade කරන්න හිතාගෙන ඉන්නවනම් තව පොඩ්ඩක් ඉවසන්න. AMD Ryzen වගේම intel සමාගමේ 10 nano meter chips මේ අවුරුද්දෙ නිකුත් වෙන්න තියෙනව.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *