Contact Information

WhatsApp Us

DOS සිට 10 දක්වා Windows ඉතිහාසය

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Microsft Windows එක personal සහ server computers වලට නිපදවන operating system එකක්. දැනට ලෝකයේ පාවිච්චි වෙන computers වලින් 90%ක්‍ම Windows operating system මත ක්‍රියාත්මක වෙනව. ඉතිරි 10% තමයි Mac සහ Linux පාවිච්චි වෙන්නෙ. computers ඇරුනම mobile වලටත් windows operating system එකක් නිෂ්පාදනය වෙනව.

MS DOS – Microsft Disk Operating System 1980

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

1980 දි IBM සමාගම තමන්ගෙ පලවෙනි personal computer එක වෙන IBM 5150 එකට operating system එකක් හොයමින් හිටිය. මේ කාලෙ PC වලට ජනප්‍රිය වෙලා තිබුනෙ (CP/M) control program for microcomputers කියන OS එකයි. මේ OS එක හදපු Digital research inc. සමාගමත් එක්ක IBM සමාගම සාකාච්ඡා වට කිහිපයක්ම තියල ඒව අසාර්ථක වෙලා තමයි තිබුනෙ. මේ කාලෙ Microsft කියන්නෙ Basic, COBOL, FORTRON, PASCAL වගේ programming languages නිෂ්පාදනය කරපු සමාගමක්.

IBM සමාගම Bill gates එක්ක සාකාච්ඡා කරන්නෙ ඔවුන් නිපදවන programming languages ගැන උනත් Digital Research inc සමාගමත් එක්ක එකගතාවකට එන්න බැරිවෙද්දි තමන්ට OS එකක් නිපදවන කාර්ය Microsoft සමාගමට බාර දෙනව. Microsoft සමාගම කරන්නෙ එවකට Seattle computer products සමාගම අත්හදා බැලීමක් විදිහට නිපදවල තිබුන QDOS (Quick & Dirty Operating System) එක ඔවුනගෙන් ඩොලර් 25,000 කට මිලදීගෙන IBM සමාගමට අවශ්‍ය ලෙස වෙනස් කිරීමයි. අපි කවුරුත් අහල තියෙන MS – DOS වල ආරම්භය වෙන්නෙ මේ විදිහටයි.

Windows 1 – 1985

1985 දි Microsoft සමාගම Windows 1.0 නිකුත් කරනව. මෙය MS DOS මත ක්‍රියාත්මක වෙන Graphical user interface shell එකක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නෙ. හැම තොරතුරක්ම window එකක් හරහා දක්වපු නිසා මෙය අද අපි කවුරුත් දන්න windows ලෙස නම් කෙරුනා.

තවත් වැදගත් දෙයක් තමයි 1984දි Bill gates Apple සමාගමෙ Mac OS එක නිපදවන කාර්යයට උදව් වීම. Apple සමාගම ගෙවීමක් කරල Bill gates ගෙ සහය ලබාගන්නව. මේ සම්බන්ධය තමයි පහු කාලෙක microsoft සමාගම තමන්ගෙ concept එක හොරකම් කලා කියල Apple සමාගමෙන් දෝෂාරෝපණය වෙන්න ප්‍රධාන හේතුව.

Windows 2.0 – 1987

1987 දි Windows 2.0 නිකුත් වෙන්නෙ intel සමාගම අලුතෙන් නිකුත් කරපු intel 286 Processor එකට වඩාත් ගැලපෙන විදිහට optimize කරලයි. ඒ වගේම windows minimize maximize කරන්න පුලුවන් විදිහට නිකුත් වෙච්ච පලමු Windows version එක වෙන්නෙත් මෙයයි.

Windows 3 – 3.1 1990 – 1994

අලුත් icon, 16 bit color support සහ windows xp වෙනකම්ම පවතින GUI එකක් එක්ක Windows 3 නිකුත් වෙන්නෙ අලුතෙන් නිකුත් උන intel 386 processor එකට වඩාත් ගැලපෙන ලෙස optimization එක්කයි. ඒ වගේම මෙතෙක් කල් අඩු පාඩුවක්ව තිබුන True type Font support එකත් මේ සමගම Windows වලට එකතු වීමත් එක්කම Apple වලට විතරක් සීමා වෙලා තිබුන Desktop publishing වලටත් windows පරිගණක යොදාගන්න පුලුවන් වෙනව. පළමුවෙන්ම CD-ROM එකක නිකුත් වුන Windows සංස්කරණය වෙන්නෙ Windows 3.0.

Windows 95 – 1995

මෙතෙක් කල් Windows ලෙස නිකුත් උනේ ඇත්තටම MS-DOS මත වැඩකරපු graphical user interface එකක් විතරයි. Windows 95 තමයි පළමුවෙන්ම මුල සිටම තනිව ක්‍රියාත්මක වෙන මෙහෙයුම් පද්ධතියක් ලෙස නිකුත් වෙන්නෙ. මේ නිසාම මෙතෙක් කල් MS-DOS වල තිබුන 640 K RAM limitation එකත් උපරිම අකුරු 8කට සීමා වුන file names ප්‍රශ්නයත් වාගේම තවත් අලුත් අංග රැසකුත් Windows වලට ලැබෙනව. Start button එක සහ start menu එක හදුන්වාදුන්නෙත් මේ Windows 95 OS එකත් එක්කයි.

32-bit application support එක සමග එන පලවෙනි OS එක තමයි windows 95. මේ නිසා 32-bit සම්මතයට නිපදවන programs වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න හැකිවෙනව. Windows 95 එක්ක හදුන්වල දීපු තවත් ප්‍රධාන අංගයක් තමයි PnP (Plug n Play) තාක්ෂණය. මේ මගින් computer එකට අලුතින් add කරන උපකරණයක් හදුනාගෙන අවශ්‍ය කරන Drivers install කරගැනීම automatically සිදුකරනව.
Internet explorer Windows OS එකට එක් වෙන්නෙත් මේ එක්කමයි, මුලින්ම වෙනම එන Plus for Windows 95 කියන package එක හරහා install කරගන්න සිදුවුන internet explorer පසුව OS එකත් සමගම නිකුත් උනා.

Windows 98 – 1998

Windows 95 වලම වැඩිදුයුණු කිරීම් රැසක් සහ FAT32 file system, AGP standard, USB support, MMX, DVD support එක්ක Windows 98 නිකුත් වෙන්නෙ 1998 ජුනි මාසෙදියි. Internet explorer 4, Outlook express, Windows address book, Microsft chat සහ Netshow player (පසුව Windows media player නිකුත් වෙන්නෙ Windows 98 second edition එකත් සමගයි).

මේ සමගම හදුන්වාදුන් විශේෂ දෙයක් තමයි windows Driver model එක. මේ මගින් උපාංග නිෂ්පාදකයන්ට තම device වලට තනි driver එකක් නිකුත් කිරීමේ පහසුව සැලසෙනවා. Windows 98 වලදි හදුන්වා දීපු වැඩිදියුණු කල USB support එක USb උපාංග වල භාවිතය වැඩිවෙන්න ප්‍රධානම හේතුවක් වුනා.

Windows ME – 2000

Windows 98 core එක මතම වැඩිදියුණු කල සංස්කරණයක් විදිහට නිකුත් උන Windows ME එහෙමත් නැත්නම් Windows Milennium Edition එක Windows 9X සංස්කරණ පෙලේ අවසාන operating system එකයි. 2000 වසරෙදි Windows 2000 සර්වර් වලටත් Windows ME සාමාන්‍ය පරිශීලකයන්ටත් විදිහටයි නිකුත් උනේ. Internet Explorer 5.5, Windows media player 7 සහ Movie maker පළමු වරට නිකුත් වන්නෙ Windows ME සමගයි. Windows ඉතිහාසයෙ නිකුත් කල වැඩිම bugs ප්‍රමාණයක් සහ දෝෂාරෝපණයට ලක්වුණ Windows සංස්කරණය ලෙස Windows ME හදුන්වන්න පුලුවන්.

Windows 2000 – 2000

W2K ලෙසද හැදින්වුන Windows 2000 නිර්මාණය උනේ Windows NT (New Technology) තාක්ෂණය මතයි. Microsoft Automatic Update වගේම hibernation පළමු වරට නිකුත් කලෙත් මේ සමගයි.මෙහි සංස්කරණ 4ක් නිකුත් උනා.

Windows 2000 : Professional
Windows 2000 : Server
Windows 2000 : Advanced server
Windows 2000 : Datacenter server

Windows XP – 2001

Windows NT තාක්ෂණය සහ Windows ME හි සමහර features ඇතුලත් කරමින් Windows XP නිකුත් උනේ Home සහ professional ලෙස version 2ක් විදිහටයි. නව user interface design එකක් vista wall paper එක සහ වැඩිදියුණු කල visual effects සහිත Windows Xp, ඉතා stable operating system එකක් ලෙස කා අතරත් ජනප්‍රිය උනා. Windows Xp සමග නිකුත් කල Direct X 9 API එක PC gaming වල විශාල වෙනසක් සහ දියුණුවක් ඇති කලා. Clear type fonts, built in CD burning සහ CD Autoplay වගේම 64 bit Windows version එකක් පලමු වරට නිකුත් උනෙත් Windows xp සමගයි.
ඒ වගේම 2001 ඉදන් 2014 වෙනකම් අවුරුදු 13ක් වැඩිම official support එක ලැබුන සහ වැඩියෙන්ම ජනප්‍රිය operating system එක විදිහට Windows XP ඉතිහාසයට එක්වෙනව. 2014දි official support එක අවසන් වෙද්දිත් පරිගණක මිලියන 430 කට වඩා Windows xp භාවිතා කරමින් තිබුන වගේම අදටත් සමහර අය මෙම operating system එක පාවිච්චි කරනව.  Windows XP වල ජනප්‍රියත්වයත් එක්කම එය hackers ලගෙ සහ සයිබර් අපරාධකරුවන්ගෙ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වුනා. Operating system එකේ විවිධ අඩුපාඩු exploits හොයාගනිමින් ඒ හරහා විවිධ ලෙස තොරතුරු හොරා ගැනීමත් ප්‍රහාර එල්ල කරමින් පරිගණක පද්ධති අඩාල කිරීම වගේ දේවල් සිදුකිරීම නිසා Windows XP සදහා අනිවාර්ය service packs 3ක් නිකුත් උනා. මේ මගින් OS එකේ අඩුපාඩු සකස් කිරීම සහ නව ආරක්ෂක අංග ඇතුල් කිරීම සිදුකලා.

Windows Vista – 2006

2006දී Windows Vista නිකුත් වෙන්නෙ වැඩිදියුණු කල නව transparent interface එකක්, අලුත් security features සහ search functions එක්කයි. Windows Longhorn යන code name එක යටතේ සැකසෙමින් පැවති Windows Vista OS එක නිකුත් කෙරුනේ සැලසුම් කල සමහර features නැතුවයි.

Windows ME වලට පසු නිකුත් කෙරුණ අසාර්ථක මෙහෙයුම් පද්ධතියක් ලෙසත් Vista හදුන්වනවා. Windows Vista වල තිබුන බොහෝ අඩුපාඩු අතරට එහි ආරක්ෂාව වැඩි කිරීමට යොදා තිබූ UAC (user account control) එකත් එකතු උනා. ඒ වගේම පැරණි computers වල එහි Visual effects run කරන්න බැරි වීමත් slow performanceත් නිසා පරිශීලකයන් විවිධ අපහසුතාවලට ලක්වුනා.
Vista සමග හදුන්වා දුන් Direct X 10 API එක Computer gaming සදහා පහසුකම් සැලසුවා. ඒ වගේම Windows media player 11, Windows Media center, Internet explorer 7 සහ පළමු වරට Windows Defender නිකුත් කලෙත් Vista සමගයි. DVD එකක නිකුත් කල සහ 32 bit සහ 64 bit version DVD 2කම එකට නිකුත් කල පළමු Windows version එක වෙන්නෙත් Windows Vista.

Windows 7 – 2009

කලින් නිකුත් කල Vista Operating system එකේ තිබුනු අඩුපාඩු සහ bugs හදුනා ගෙන වැඩිදියුණු කල Windows Aero interface එක සමගින් නිකුත් කල Windows 7 මෙහෙයුම් පද්ධතිය කාගේත් පැසසුමට ලක්වුනා. Windows XP භාවිතා කල බොහෝ දෙනෙක් එහි තිබුනු වැඩිදියුණු කල පහසුකම් සහ stable environment එක හේතුවෙන් Windows 7 වෙත මාරු උනා. Windows 7 සමග handwriting recognition සහ windows snapping පහසුකම හදුන්වා දුන් අතර වැඩිදියුණු කල internet Explorer 8, Windows media center සහ multi touch support එකත් එක් උනා.

Windows 8 – 2012

Windows operating system ඉතිහාසය තුල රැඩිකල් වෙනසක් සිදුකල මෙහෙයුම් පද්ධතියක් ලෙස Windows 8 හදුන්වන්න පුලුවන්. වසර ගණනාවක් පුරා පැවති start menu එක වෙනුවට touch screen සදහා වඩාත් උචිත Metro ලෙස හැදින්වුන live tile interface එකක් සමගින් නිකුත් කල Windows 8 OS එක Microsoft සමාගම අපේක්ෂා කරපු විදිහට ජනප්‍රිය උනේ නැහැ. මීට පෙර නිකුත් කල සෑම Windows version එකකටම වඩා වේගවත් වූ Windows 8 නව USB 3.0 තාක්ෂණය සහ Windows Store එක ප්‍රථම වරට windows වලට හදුන්වා දුන්නා.

Mobile phone සහ Tab වල භාවිතා වුන ARM processor සදහා Windows 8 RT ලෙස වෙනම සංස්කරණයක්ද පළමු වරට නිකුත් කෙරුනා. මෙම RT version එක නිකුත් කලේ Microsoft සමාගෙමේ පළමු Microsoft Surface tablet එක සදහායි. බැලූ බැල්මට Windows 8 වගේ පෙනුනත් Surface tablet එකේ run වෙන Windows RT version එකට සාමාන්‍ය 32bit programs run කිරීමේ හැකියාවක් නැහැ. 2013 දි Windows 8.1 නිකුත් උනේ වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි නැවතත් Starඑ button එක සහ කෙලින්ම desktop එකට boot වෙන්න පුලුවන් options සමගයි.

Windows 10 – 2015

Windows 8 වලට පසුව හැමදෙනාම මවිත් කරමින් Windows 10 නිකුත් වෙන්නෙ Windows 9 කියන version එකට හිස්තැනක් ඉතිරි කරමින්. Windows NT family එකේම සංස්කරණයක් විදිහට නිකුත් වෙන Windows 10 වෙනම සංස්කරණයක් විදිහට නිකුත්වෙන අවසාන operating system එකද වෙන බව Microsoft සමාගම ප්‍රකාශ කලා.

මින් පස්සෙ Windows 10 මෙහෙයුම් පද්ධතිය නව අංග සහ පහසුකම් එකතුවෙමින් වැඩිදියුණුවෙන platform එකක් ලෙස වර්ධනය වෙන අතර ඒ වගේම Microsoft සමාගම යටතේ වෙන් වෙන්ව පැවතුන Computer, Tablet, Smatphone, Embedded systems, Xbox one සහ Windows holographic කියන සියලුම operating systems එක්ව තනි code base එකක් තුල Windows 10 හරහා වැඩිදියුණු වෙමින් පවතිනු ඇති.

Windows 10 හි නව අංග අතරට

Cortana search assistant ලෙස හදුන්වන කතා කිරීමෙන් විධාන දිය හැකි interface එක
සාමාන්‍ය start menu එක සහ live tile සහිත Hybrid start menu එක
Computer එක තුල වගේම web එක තුලත් ක්‍රියාත්මක වෙන Universal search
Microsoft Hello හරහා facial recognition
Gaming සහ graphics සදහා Direct X 12
Notification center
Multiple windows desktops සහ Windows Task View
Internet Explorer වෙනුවට Microsoft Edge හදුන්වා දීම එක් වෙනවා.

Windows 10 නිකුත් කිරීමත් සමගම බොහෝ දෙනා එය පැසසුමට ලක් කලත්, අනිවාර්යෙන් එන Windows updates නවත්වන්නට නොහැකියාව, සියලුම සෙවුම් තොරතුරු Microsoft සමාගමේ servers වෙත ලබාදීම වැනි අංග ගැන දෝෂාරෝපන එල්ල වෙනවා. Windows 10 සමග ඔබ Windows device කිහිපයක් පාවිච්චි කරනවානම් (Windows phone, PC, Xbox) ඒ හැම එකක්ම remminders, Calender updates වැනි notifications සහ theme settings වලින් sync වෙමින් සියලුම Windows Devices හරහා එකම user experience එකක් ලබා ගැනීමට හැකි වන ලෙස මෙම OS එක නිමකර තිබෙන බව දැකගන්න පුලුවන්.

Share:

6 Comments

  • සුරංජිත්, February 6, 2017 @ 4:31 pm Reply

    හරිම වැදගත් ලිපියක්. නොදන්න දේවල් ගොඩක් දැනගත්ත.

  • Asela, February 23, 2017 @ 4:36 pm Reply

    මේ ලිපියෙන් නොදන්නා ගොඩක් දේවල් දැනගත්ත

  • Akhila Sooriya Kumara, November 20, 2018 @ 12:05 pm Reply

    නියමයි.. සුපිරි වැඩක්.

  • Shakeel, November 25, 2018 @ 11:45 am Reply

    Ela ela

  • Praveen Maxx, June 16, 2020 @ 10:02 pm Reply

    Greate !!! Thanks aiyee

  • Chamodhya Jagoda, April 3, 2022 @ 1:20 pm Reply

    Great

Leave a Reply to සුරංජිත් Cancel reply

Your email address will not be published. Required fields are marked *