Press ESC to close

Hard Disk වල Capacity වෙනස

500GB එහෙමත් නැත්නම් 1TB කියල සදහන් කරල තියෙන Hard Disk එකක් Windows වලදි ඊට වඩා අඩු Capacity එකක් පෙන්නන්නෙ ඇයි කියල දන්නවද? මේ ලිපිය ඒ ගැනයි.

ලෝකයේ මැනුම් වලට සම්මත කරගත්ත ඒකක ගොඩක් අතරෙ වැඩිපුරම පාවිච්චි වෙන්නෙ Decimal (දහයෙ ගුණාකාර) සම්මතයයි . ඒ කියන්නෙ Kilo කියන්නෙ කොටස් 1000ක් කියන සම්මතය.

Get Your Site Up with A2 Hosting
1 Kg1000 g
1Km1000 m
1L1000 ml

ඒ උනාට Computer වලදි පාවිච්චි වෙන්නෙ Binary සම්මතය (2 ගුණාකාර). ඉතින් මෙන්න මේ සම්මත වල ප්‍රශ්නයක් තමයි මේ වෙනසට හේතුව වෙන්නෙ.

HDD manufacturers ල එයාලගෙ Hard Drive වල capacity එක දක්වන්න පාවිච්චි කරන්නෙ Decimal standard එකයි. එතකොට 500GB කියල තියෙන Hard Disk එකක තියෙන bytes ගාන වෙන්නෙ

500(1000 x 1000 x 1000) = 500,000,000,000 bytes

ඒත් Windows OS එකේදි 500GB hard disk එකක් වෙන්න ඕන bytes ගාන

500 x (1024 x 1024 x 1024) = 536,870,912,000 bytes

ඉතින් මේ වෙනස හරියටම බලාගන්න අපිට පුලුවන් Decimal system එකේ එන bytes ගාන binary system එකෙන් බෙදන්න

500,000,000,000 bytes / (1024 x 1024 x 1024) = 465.6612873077393 GB

මේ තියෙන්නෙ Hard Disk capacity වල වෙනස

HDD Capacity
(Decimal)
Capacity on Windows
(Binary)
500 GB465 GB
1 TB(1000 GB)931 GB
2 TB (2000 GB)1,862 GB
3 TB (3000 GB)2,794 GB

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *