Press ESC to close

ලංකාවේ පුහුණුවක් ගැන කියමින් ඉන්දීය හමුදාවට හැකර් ප්‍රහාරයක්

පහුගිය සතියෙ සිද්ධ වෙච්ච wannacry ප්‍රහාරයත් එක්කම තවත් hacker ප්‍රහාර ගැන අහන්න ලැබෙනව. පහුගිය සතියෙ සිකුරාද, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ලංකාවට ආපු දවස් වලම තමයි මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නෙ.

ඉන්දීය හමුදාවේ නිලධාරීන්ට ආව email පණිවිඩයකින් කියවුනෙ ලංකාවෙ යුද පුහුණුවක් සදහා අයදුම් කරන්න කැමති නම් මේ සමග  අමුණා තියෙන (DEPUTATION_OF_ONE_ARM Y_OFFICER_TO_ATTEND_SRI_ LANKA. Xls) කියන excel file එක පුරවල එවන්න කියලයි.

Get Your Site Up with A2 Hosting

මේක එවල තිබුනෙත් සාමානයෙන් වෙනත් රටවල් වල යුද පුහුණුව ක්‍රියාකරන ඉන්දීය හමුදාවෙ Indian Army’s Directorate General of Military Training එකෙන් එන විදිහටයි. කොහොම වෙතත් මේ වගේ දෙයකට කවදාවත්ම තමන්ගෙ personal mail inbox වලට අයදුම් පත් යොමු කරන්නෙ නැති නිසා ඒ ගැන සැක කරපු ඉන්දීය නිලධාරීන් මේ ගැන තමන්ගෙ cyber group එක දැනුවත් කරල.

මේ එක්කම indian army Cyber Group එක ඒ ගැන නිවේදනයක් නිකුත් කරල ඒ ප්‍රහාරය වලක්වල තියෙනව. බැරිවෙලාවත් මේ file එක එක්කෙනෙක් හරි open කරා නම් කාටත් හොරෙන් ඔත්තු බලන්න පුලුවන් malware එකක් computer එකට install වෙන්නයි හදල තිබුනෙ.

දැනට මේ ප්‍රහාරයට පාකිස්තාන සහ චීන හැකර්වරු සම්බන්ධ බවට මේ ගැන පරීක්ෂණ කරන ඉන්දීය Army Cyber Group සහ Computer Emergency Response Team සැක කරනව.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *