Press ESC to close

හොරෙන් Record කර අහුවෙච්ච Google Home Mini

Google smart devices පවුලට එකතු වෙච්ච අලුත්ම සාමාජිකය තමයි Google Home mini කියන්නෙ. හැබැයි වෙළද පොලට නිකුත් වෙලා සතියක් යන්නත් කලින්ම ඔත්තු බලන්න ගිහින් කලු පැල්ලමක් ගාගන්නත් මෙයාට සිද්ධ උනා.

Amazon සමාගමේ Alexa කියන smart home assistant උපකරණයෙ ජනප්‍රියත්වයත් එක්ක Google සමාගම තමන්ගෙ Google Home smart device එක හදුන්වා දුන්න. ඊට පස්සෙ Amazon dot කියන පුංචි Home smart device එකත් එක්ක තරග කරන්න තමයි Google Home mini නිකුත් වෙන්නෙ. මේ උපකරණයත් Google home වගේම ක්‍රියාකාරීත්වය තියෙන ඒත් ප්‍රමාණයෙන් කුඩා මිලෙන් අඩු Smart assistant device එකක්.

Get Your Site Up with A2 Hosting

හැබැයි මේ Device එකේ Voice Activate කරන්න press කරන්න තියෙන button එකේ සහ touch pad එකේ ප්‍රශ්නයක් නිසා සැරින් සැරේ  listen mode එක active වෙවී ඇහෙන හැමදේම record කරල upload කරන ගැටලුවක් මතු වෙන්නෙ මේක ගැන ප්‍රචාරනය කරන ඒ වගේම හැමදෙනාම මේ ගැන කතා කරන කාලෙකදියි. Google සමාගම මේකට දැනට software update එකක් හරහා මේ ප්‍රධාන button එක deactivate කරල තියෙනව. ඒ කියන්නෙ Google Home mini මිලදී ගත්ත අයට ඒක පාවිච්චි කරන්න වෙන්නෙ විධාන දෙන්න තියෙන ප්‍රධාන button එක නැතුවයි.

කොහොම වෙතත් මේ වගේ smart Devices වලින් අපි නොදැනුවත්වම අපේ කතාබහ ඉන්න තැන් වගේම කටහඩ සහ Search patterns ගබඩා කරගන්නව කියන එකනම් දැන් හොදටම පැහැදිලියි. Goole Device / account ගද්දි අපි කියවන්නෙ නැතුව I Agree කියල ඔබන Agreement එකේ මේ දේවල් ගැන ලියල තියෙනව. ඉතින් පාරිභෝගිකයන් විදිහට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වගේ දේවල් වලට අවසර දීලයි තියෙන්නෙ.

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *