Press ESC to close

Gigabyte XM300 Mouse unboxing

Gaming වලටම විශේෂයෙන් හදල තියෙන Computer Accessories/ components වල එ් සදහාම නොයෙකුත් විශේෂාංග එකතු කරල තියෙනව. අද අපි unbox කරන Gigabyte Xm300 එකත් මේ වගේ විශේෂ ගුණාංග තියෙන gaming mouse එකක්.

Unboxing Package එක

Get Your Site Up with A2 Hosting

Pack එකේ තියෙන්නෙ

  • Gigabyte XM300 Mouse එක
  • Extra Teflon pads ටික

විතරයි. Mouse එකට ඕන කරන අලුත්ම drivers/ software gigabyte website එකෙන් ගන්න පුලුවන්.

 

 

අපේ unboxing Video එකත් බලන්න.

 

Features

6400 DPI තියෙන optical sensor එකක් සහ clicks මිලියන 20කට ඔරොත්තු දෙන ජපානයේ නිෂ්නාදිත OMRON switches එකතු කරල තියෙන මේ Gaming mouse එකේ විශේෂ features විදිහට

  • 6400 DPI Optical Sensor
  • 16.8M Customizable Lighting
  • 20-million-Click Omron Switch
  • Xtreme Ergonomic Design
  • On-the-fly DPI Adjustable
  • Teflon Mouse Feet
  • Xtreme Macro Engine

සදහන් කරල තියෙනව. මේකෙ තියෙන On-the-fly DPI Adjust buttons වල position එක නිසා game එකක් play කරන ගමන් ක්ෂණිකව DPI වෙනස් කරන්න පුලුවන්. ඒ වගේම වෙනස් කරපු DPI එක පහලින් LED වලින් පෙන්නන නිසා DPI එක තියෙන අගය බලාගන්න පුලුවන්. මේ නිසා mouse එක පාවිච්චි කරද්දි ගොඩක් අපහසුතා මගහැරෙනව.

 

Gaming වලදි ඕන වෙන quick movements පහසුවෙන් කරන්න උදව් වෙන Teflon pads 3ක් mouse එකේ පහල තියෙනව. මේකෙන් mouse pad surface එක මත පොඩි තල්ලුවකින් mouse එක පහසුවෙන් එහා මෙහා කරන්න support කරනව. ඒ වගේම මේ මාරු කරන්න පුලුවන් Teflon pads set 2ක් mouse pack තියෙනව.

 

 

6400 DPI sensor එකත් Teflon pads වල smooth movement එකත් හරහා ඉක්මනින් දෙන commands වේගයෙන් computer එකට අරන් යන්න, Mouse cable එකේ ferite අඩංගු කරල තියෙනව. ඒ එක්කම මේකෙ USB port එක Gold plated, මේ නිසා mouse එක සහ Computer එක අතර වේගවත් data transfer එකක් ලැබෙනව. මේ තත්පර ගානක වෙනස gaming වලදි ගොඩක් වටිනව.

 

Experience එක සහ Build Quality

සාමාන්‍ය බරක් සහ අතට පහසු Ergonomic Design එකකට හදල තියෙන mouse එකේ ඇගිලි වලට අහුවෙන කොටස් වල Rubber grips තියෙනව. මේ නිසා ඇගිලි වලට පහසුවක් වගේම වැඩි කාලයක් mouse එක පාවිච්චි කරද්දි අපහසුවක් දැනෙන්නෙත් නැහැ. clicking වලදි හොදට ඒක දැනෙනව වගේම button travel එකක් තියෙනව. විශේෂම දේ තමයි DPI adjust කරන buttons scroll wheel එකට පහතින් තියෙන එක. මේ නිසා game එකක් play කරන ගමන් ඉක්මනින් DPI අඩු වැඩි කරන්න පුලුවන්, ඒ වැඩි කරපු DPI level එක දකුණු පැත්තෙ පහල LED වලින් පෙන්නන නිසා game එකක් පටන් ගන්න කලින් DPI level එක මොකක්ද කියල බලාගන්නත් පුලුවන්. මේ නිසා game එකේ පලවෙනි තත්පර ගාන DPI adjust කර කර දගලන්න ඕන නැහැ. ඉතින් මේ mouse එක Gaming වලදි quick head shots ගන්න, අතට අපහසුවක් නැතුව පැය ගණන් පාවිච්චි කරන්න පුලුවන් විදිහටයි හදල තියෙනව කියල සැකයක් නැතුව කියන්න පුලුවන්.

මිල සහ warranty

අවුරුදු 2ක warranty එකක් එක්ක රු 5500 කට මේ mouse එක ඔයාලට මිලදීගන්න පුලුවන්. අපට review එකට මේ Gigabyte XM300 Gaming Mouse එක දුන්න Nanotek ලගෙ price list එකට මෙතනින් යන්න.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *