Contact Information

WhatsApp Us

Gigabyte Gaming B8 Motherboard Unboxing

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Gigabyte Gaming B8 කියන්නෙ intel B250 chipset එක තියෙන RGB LED lighting වලට මුල් තැනක් දීල තියෙන Budget Gaming PC එකක් සහ Open Casing එකක් තියෙන කෙනෙකුට හරියන motherboard එකක්.

Unboxing Package එක

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

  • GA-B250-Gaming B8 Motherboard එක
  • User Manual එක
  • Gigabyte Gaming Sticker එක
  • Driver Utilities DVD එක
  • SATA cables 4ක්
  • Matte Black printed IO Panel එක

Gigabyte Gaming B8 Motherboard එකේ unboxing video එකත් බලන්න

 

Features

Motherboard එකේ තියෙන intel B250 chipset එකත් එක්ක මේ Board එක intel 6 / 7 generation CPU වලට support කරත් overclocking වලට සහය දක්වන්නෙ නැහැ.

RGB Fusion Lighting – මේ Gaming B8 motherboard එකේ  තියෙන highlight වෙන අංගයක්. pulsing, breathing, flashing වගේම play වෙන Music එක අනුවත් මේ RGB LED පාලනය කරන්න පුලුවන්.

Smart Fan 5 කියන්නෙ Motherboard එකේ තියෙන 3 pin connectors වලට හයිකරන external fan control කරන්න පුලුවන් ක්‍රමයක්. මේකෙදි motherboard එකේ තියෙන Temperature sensor වලින් එන අගයන්ට අනුව එක එක Fan වල speed එක අඩු වැඩි වෙන්න හදන්න පුලුවන්.

Dual Armour Reinforced Ports – Graphics card සහ RAM slot වල වටේම stainless steel වලින් reinforce (සවිබල ගන්වල)  තියෙන්නෙ. මේ නිසා Graphics Card එකේ බර නිසා port එකට වෙන්න පුලුවන් හානිය අඩු වෙනව. ඒ වගේම RAM එක Fix කරද්දි motherboard PCB එක නැමිල Damage වෙන්න තියෙන අවධානමත් නැති වෙනව.

Audio – Gaming වලටම විශේෂ ALC codec එකක් සහ Smart Headphone Amp කියන විශේෂාංගය මේ motherboard එකේ තියෙනව. මේ හරහා ඔයා පාවිච්චි කරන Headphone එක Gaming ද නැත්නම් සාමානය එකක්ද කියල හදුනගෙන ඒකට හරියන්න Audio quality එක adjust වෙනව.

Ports

  • LGA 1151 socket – intel 6 / 7 Generation CPU (Pentium / i3 / i5 / i7)
  • RAM slot – 4 (Dual channel)
  • PCI Express 3.0 port – 3
  • 2 PCI E X1 port – 2
  • 6Gbps SATA port – 6
  • M2 Slot – 1

Back I/O Panel එකේ අඩංගු දේවල්

  • PS2 – Mouse/Keyboard connector
  • USB 2.0 port – 1
  • USB 3.1 Gen 1 port – 4
  • USB 3.1 Type C port – 1
  • USB 3.1 Type A port – 1
  • DVI port – 1
  • HDMI port – 1
  • LAN port -1
  • SPDIF port – 1
  • 5 Audio jacks – 1

Experience එක සහ Build Quality

Gigabyte Gaming B8 motherboard එක ටිකක් Show off කරන්න කැමති Budget Gaming build එකක් හදන කෙනෙකුට වැදගත් වෙනව. මේකෙ තියෙන intel B250 chipset එක overclocking support කරන්නෙ නැහැ. Build Quality එක නම් හොදයි. ඒ වගේම මේ Board එකේ Anti Sulfur layer එක නිසා දිගු කල්පැවැත්මක් තියෙනව.

මිල

Gigabyte Gaming B8 Motherboard එකේ අලුත්ම Price එක Nanotek online Price list එකෙන් බලන්න.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *