Contact Information

WhatsApp Us

FSP HEXA +550 (500W) Power Supply Unboxing

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

කවුරුත් වැඩියෙන් හිතන්නෙ නැති උනාට Computer එකකට අතිශයින්ම වැදගත් වෙන දේ තමයි Power Supply එක. අපි ගොඩක් වියදම් කරල ගන්න CPU, VGA වගේ දේවල් හොදින් කාලයක් වැඩ කරන්න නම් ඒ හැම දේටම හරියන්න power එක ලබා දෙන Power Supply එක ගොඩක්ම අවධානය යොමුකරන්න ඕන දෙයක්. මේ FSP HEXA+ 550 Power Supply Unboxing එක.

විශේෂයි – මේ power Supply එක Actual 550W එකක් නෙමෙයි. මේකෙ Pack එකේම තියෙනව peak output – 550w කියල. ඇත්ත output එක 500watt.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Unboxing Package එක

  • FSP HEXA+ 550 Power Supply Unit එක
  • Fuse සහිත Power Code එක
  • Mounting Screws
  • Leaflet Material

Features

80+ Efficiency එකක් තියෙන (හැබැයි මේ 80PLUS Certified PSU කියන එක නෙමේ) මේ Power Supply Unit එකේ Actual output එක වෙන්නෙ 500W. Casing එක ඇතුලෙ පිලිවෙලකට වයර් යවාගන්න පුලුවන් විදිහට nylon thread කරල එන්නෙ. මේ නිසා නැමෙන තැන්වලින් වයර් පනින්නෙ නැහැ. ඒ වගේම 24 pin සහ 8 pin Motherboard power line cable 2ම දිගයි. ඒකත් විශේෂ දෙයක් Casing wire management වලදි මොකද සමහර Casing වල Wire route කරද්දි මේ Main power cable line එක කොට උනොත් ප්‍රශ්න එනව.

FSP HEXA + 550 Power Supply එකේ outputs වෙන්නෙ

24 pin connector1
4+4 Pin connector1
PCI E 6+1 pin connector2
SATA connector5
Molex connector2
Floppy connector1

මිල සහ warranty

අලුත්ම මිලගණන් දැනගන්න Nanotek computer solutions price list එකට යන්න.

power Supply එකක් තෝරගන්න හැටි ගැන මෙතනින් කියවන්න 

 

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *