Press ESC to close

Android නිර්මාතෘ හදන Essential Phone එක

අද හැමදෙනාගෙම වගේ අතේ තියෙන Smart Phone වල තියෙන Android OS එක හදපු Andy Rubin එයාගෙම සමාගමක් හරහා නිකුත් කරන්න යන Next generation Android Phone එක තමයි Essential කියන්නෙ.

Get Your Site Up with A2 Hosting

2003 දි තවත් කීප දෙනෙක් එක්ක පටන් ගත්ත Android project එකේ පලවෙනි ඉලක්කය උනේ Digital camera වලට ගැලපෙන Operating system එකක් හදන්න. 2005 Google සමාගම Android project එක මිලදී ගන්නෙ තමන්ගෙ Mobile phone වලට අවශය කරන OS විදිහට වැඩිදියුණු කරන්නයි. මේ එක්ක 2005 ඉදන් Google සමාගමේ Android project සහ වෙනත් Project වල වැඩ කරපු Andy 2014 දි එතනින් අයින් වෙන්නෙ තමන්ගෙම Hardware ගැන වැඩි අවධානයක් යොමු කරන Project එකකට.

මේ project එකේ ප්‍රතිඵලයක් තමයි Essential කියන්නෙ. Smart Phone එකක් වගේම Home speaker Assistant product එකකුත් ඔවුන් ගෙ නිෂ්පාදන අතර තියෙනව. Essential Phone එකේ ප්‍රධානම ඉලක්කය අත්‍යවශය දේ විතරක් තියෙන Slow වෙන්නෙ නැති ඒ වගේම කාලෙන් කාලෙට අලුතෙන් මිලදී ගන්න වෙන්නෙ නැති Phone එකක් නිපදවීමයි.

Phone එකේ Specifications වෙන්නෙ

System Architecture
OS – Android
Qualcomm® Snapdragon™ 835 Octa-core 10nm processor
GPU: Adreno 540

Ports
USB Type-C
60GHz, 6 Gbps Wireless Accessory Connector
2x accessory power pins
NanoSIM tray with pin eject

Memory & Storage
RAM: 4GB
Storage: 128GB UFS 2.1

Display
Resolution: 2560 x 1312 QHD
Aspect Ratio: 19:10

Front Camera – 8MP resolution
Rear Camera – 13MP Dual RGB + Mono camera

Battery – 3040mAh

Connectivity
Bluetooth: 5.0 LE
WiFi: 802.11a/b/g/n/ac with MIMO
NFC: yes
Positioning: GPS and GLONASS

මේ  Specification දිහා බැලුවම මේක තවත් High end Android phone එකක් කියල ඔයාලට තේරෙයි. මේකෙ වෙනස තමයි Andy Rubin ගෙ බලාපොරොත්තුව වෙන Phone එකට එලියෙන් හයි කරන්න පුලුවන් උපාංග Accessories  නිෂ්පාදනය හා ඒ හරහා එකම Hardware සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් Eco system එකක් නිර්මාණය. මේකෙ පළමු පියවර විදිහට Phone එකට පිටතින් හයි කරන්න 360 camera module එකක් නිපදවල තියෙනව.

තව සති කීපයකින් මේ Phone එක මිලදීගන්න පුලුවන් වෙයි.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *