Press ESC to close

අවසන් ගමන් යන MS paint

Microsoft සමාගම එයාලගෙ Windows OS එකත් එක්ක 1985 ඉදන් අවුරුදු 32ක් පුරාවට අන්තර්ගත කරපු අපි කවුරුත් දන්න MS paint App එක Windows 10 වලින් ඉවත් කරන්න යනව කියල වාර්තා උනා.

Get Your Site Up with A2 Hosting

මේ එක්කම අන්තර්ජාලය තුල මේ ගැන ලොකු විරෝධතාවක් පටන් ගත්ත. මේ ඉවත් කිරීම යෝජනා උනේ Micorosft සමාගම Windows creators update එකත් එක්ක හදුන්වල දීපු Microsoft Paint 3D කියන App එකට වැඩි අවධානයක් යොමු කරන්නයි. කාලයට ගැලපෙන විදිහට ත්‍රිමාණ තාක්ෂණය එක්ක වැඩිදුයුණු කරල තියෙන Paint 3D App එකට වඩා පරණ MS paint එකට ගොඩක් අය කැමති බව මේකෙන් පේන බවත්, MS paint එක මින් ඉදිරියට Windows store එකේ Free Download එකක් විදිහට ගන්න තියෙනව කියලත් Microsoft සමාගම තමන්ගෙ online Article එකේ ලියල තියෙනව.

Microsoft Paint 3D කියන්නෙ Microsoft Hololens, Virtual Reality, 3D printing වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුලුවන් විදිහට වැඩිදියුණු කරල තියෙන සහ සෑහෙන  ලොකු Online 3D model data base එකක් තියෙන දවසින් දවස වැඩි දියුණු වෙන App එකක්. මේක සරල 3D වැඩ කරගන්නත් පුලුවන් තරමට දියුණු වෙලා තියෙනව.

ඉදිරියෙදි නිකුත් කරන Windows fall Creators update එකේදි පරණ App ගොඩක් භාවිතාවෙන් ඉවත් කරල ඒ වෙනුවට අලුත් App හදුන්වා දීමක් බලාගන්න පුලුවන්.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *