Contact Information

WhatsApp Us

Credit card size එකේ Intel compute card පරිගණකය

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

මෙවර CES 2017 සමුළුවේදී Credit card කිහිපයක ඝනකමින් යුත් ඉතා කුඩා computer එකක් Intel සමාගම හදුන්වා දුන්නා. Intel compute card ලෙස හදුන්වන මෙය 7th generation Intel core CPU එකක් RAM Storage WiFi හා Bluetooth යන සම්පූර්ණ computer එකකට අවශ්‍ය හැම ගුණාංගයකින්ම සමන්විතයි. මෙහි output එක වෙන්නෙ තනි USB-C plus slot එකක් විතරයි. USB-C plus extension ලෙස Intel සමාගම හදුන්වන මේ port එක හරහා USB, PCIe සහ HDMI/ Display port signals හුවමාරු කරගැනීමේ හැකියාව තිබෙනවා.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Intel සමාගම කියන්නෙ Smart TV, Smart refrigerator smart vehicles digital signage’s වගේ දේවල් වලට අවශ්‍ය processing power එක මෙම compute card එකෙන් ලබාගන්න පුළුවන් කියල. දැනටමත් HP,Dell, Lenovo සහ Sharp වගේ සමාගම් එක්ක නව උපාංග වලට Intel compute card භාවිතා කරන්න අත්හදාබැලීම් කරගෙන යන බවත් Trend එකෙන් පරණ නොවී compute card එක විතරක් මාරු කරල upgrade කරන්න පුළුවන් Smart TV, Smart refrigerator වගේ tech gadgets ලගදීම වෙළදපොලට එන බවත් Intel සමාගම සදහන් කලා.

Share:

1 Comment

  • silum, February 6, 2017 @ 10:14 pm Reply

    එතකොට i7 එකක් තියෙද්දි ගේමිංග් වලට ගන්නත් පුලුවන්නෙ. මරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *