Contact Information

WhatsApp Us

Computer එකක් Assemble කරගමු

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Computer එකක් ගන්න ගියාම options කිහිපයක් තියෙනව. ඔයා ගන්න යන්නෙ Desktop PC එකක් නම් අතේ තියෙන ගානට හොදම performance තියෙන්න තමන්ටම computer එකේ parts තෝරගන්න පුලුවන් වෙන්න තමයි මේ Article එක ලියන්න හිතුවෙ.

Desktop එකක් හරි Laptop එකක් හරි ගන්න කලින් පලවෙනියටම කරන්න ඕන දේ තමයි තමන් ඒකෙන් කරන්න යන්නෙ මොන වගේ දෙයක්ද කියන එක තීරණය කිරීම. Office+ Internet වැඩ වලට වගේම light gaming වලට core i7 එකක් අවශ්‍ය නැහැ. ඒ වගේම computer shop එකකට ගියාම එතන ඉන්න salesmen ල ඔයාට අනවශ්‍ය දේවල් එකතු කරන්නත් උත්සාහ කරන්න පුලුවන් (ඔයාගෙ අවශ්‍යතාවයට හරියටම ගැලාපන දේ තෝරල දෙන හොද අයත් නැතුවම නෙමෙයි). මේ දේවල් දැනගන්න මුලු ලිපියම කියවන්න.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

CPU – Central processing Unit

intel CPU,  price සහ performance අනුව වර්ග කරල තියෙනව.(මෙතනදි විස්තර කරන්නෙ දැනට market එකේ ගන්න තියෙන 7th generation CPU models ගැන විතරයි.)

intel Pentium කියන්නෙ intel line එකේ තියෙන ගනන් අඩුම CPU එක.  Office+ internet වලට වගේම gaming වලටත් මේ CPU එක හොදයි. මේ CPU එකේ built in graphics තියෙනව. Physical cores 2ක් තියෙන මේ CPU එකේ hyper threading එක්ක cores 4ක් තියෙනව.

intel core i3 – Built in Graphics unit එකක් තියෙන මේ CPU range එක සාමාන්‍ය photoshop, coreldraw වගේ graphics කටයුතු වලට වගේම gaming වලටත් පාවිච්චි කරන්න පුලුවන්. physical cores 2ක් තියෙන මේ CPU එකේ hyper threading එක්ක cores 4ක් තියෙනව.

intel core i5 – hyper threading සහ Built in Graphics තියෙන core i5 වල physical core 4ක් තියෙනව. Hard core gaming, 3D modeling, rendering animation, graphics වගේ දේවල් වලට මේක හොදටම ඇති.

intel core i7 – මේ තියෙන්නෙ intel ලගෙ top of the line CPU එක. මේක අවශ්‍ය වෙන්නෙ බොහොම advanced වැඩ කරන කෙනෙකුටයි. Virtual machine පාවිච්චි කරන, Full time 3D Rendering, simulations වගේ දේවල් කරන්න මේ CPU එක හොදයි.

 

Mother Board – Main board

Asus, Gigabyte, MSI වගේ විවිධ brand වලින් ගන්න තියෙන motherboard වල මිල ගණන් එ්කෙ තියෙන features අනුව ඉහල යනව. Mother board එකක් ගද්දි ඒකෙ chipset එක ගැන ටිකක් බලන්න.

අලුතිම 7th generation Motherboard වලට එන intel chipsets වෙන්නෙ

  • Z270
  • H270
  • Q270
  • Q250
  • B250

කියන ඒවයි. මේ ගැන වැඩියෙන් හිතන්න ඕන core i5 එකක් වගේ ගද්දි, මොකද Dual channel memory support තියෙන CPU එකකට single channel support කරන motherboard එකක් ගත්තොත් එතනදි CPU එකේ full performance ගන්න බැරි වෙනව. සාමාන්‍ය office & Internet වලට නම් ටික කාලෙකින් upgrade කරන්න හිතනවනම් විතරක් වැඩි ගානක් දීල RAM slots 4ක් තියෙන PCI slot තියෙන (Sound / TV card සදහා)  board එකක් ගන්න. නැත්නම් සාමාන්‍ය board එකක් ඇති.

RAM – Random Access Memory

CPU එකට පස්සෙ PC එකේ speed එකට බලපාන්නෙ RAM එක. සාමාන්‍ය Office+ internet වලට 4GB RAM එකක් ඇති. Gaming වලට 8GB RAM එකක් තිබුනොත් හොදයි. දැන් තියෙන 7th gen CPU වලට එන DDR 4 RAM එකේ විවිධ brands වගේම speeds තියෙනව.

VGA – Video Graphics accelerator  / Graphics card

මේක වෙනම field එකක්. දැන් CPU එකේම තරමක් හොද Graphics unit එකක් තියෙන නිසා office+ internet සහ online gaming වලට ඒක ප්‍රමාණවත්. හැබැයි අලුත් games ගහන්න සහ graphics කටයුතුවලට Video Graphics Accelerator card එකක් ගන්න එක හොදයි. AMD Radeon සහ Nvidia කියන GPU වල විවිධ model වලින් ඔයාලට ගැලපෙන එකක් තෝරගන්න හැකියාව තියෙනව.

HDD – Hard Disk Drive

Data store කරන්න තියෙන ප්‍රධාන unit එක තමයි මේ. Hitachi, Adata, Seagate, Toshiba වගේ brands වලින් එන Hard disks විවිධ Capacity වලින් ලබාගන්න පුලුවන්. දැන් ගන්න තියෙන්නෙ 500GB, 1TB, 2TB වගේ capacity වල drives. සාමානයෙන් 500GB සහ 1TB drive එකක මිලේ වෙනස රුපියල් 2000ක් 3000ක් වගේ වෙන්නෙ. ඒ නිසා 1TB එකක් ගන්න එක හොද ආයොජනයක්.

PSU – Power Supply Unit

මේ තියෙන්නෙ ගොඩක් දෙනෙක් නොසලකා හරින Computer එකේ performance සහ කල් පැවැත්මට ප්‍රධානවම බලපාන දේයි. ඔයා ගොඩක් වියදම් කරල ගන්න CPU, RAM, VGA Hard Disk වගේ දේවල් වැඩ කරන්න අවශ්‍ය කරන power එක දෙන්නෙ මෙතනින්. සාමාන්‍ය pc එකකට 450w  PSU  එකක් ප්‍රමානවත්, VGA එකක් ගන්නවනම් extra power connectors වගේ දේවල් තියෙන Power Supply එකක් ගන්න.

Computer එකේ අලුත්ම game එකක් නැත්නම් බර graphics වැඩක් කරද්දි එක පාර stuck වෙන්න blue screen එන්න එක හේතුවක් තමයි අඩු ගණන් වලට ගන්න බාල Power supply unit.

DVD / CD ROM

දැන් නම් CD/DVD පාවිච්චිය ගොඩක් අඩුවෙලා. ඒ උනාට DVD writer එකක් ගන්න එක හොදයි. DVD බලන්න වගේම CD/DVD write කරන්නත් මේකෙන් පුලුවන්.

Casing

එක එක brands වලින් විවිධ පහසුකම් එක්ක Casings ගන්න පුලුවන් (රු 1500 ඉදල රු 60,000ක් වගේ වෙනකම් casings තියෙනව). සමහර මිල අධික casings එක්කම branded PSU එකක් ලැබෙනව. ගණන් අඩු casing එකක් හොයාගන්න එකනම් budget එකට හොදයි.  වෙනම VGA එකක් fix කරනව නම් ඇතුලෙ ඉඩ ප්‍රමාණය ගැන හොදට බලන්න. මොකද ඇතුලෙ රත්වෙන කොටස් වැඩියි නම් හොද Air Flow එකක් තියෙන්න ඕන.  එක පාරක් මගෙ Hard Disk 2ක්ම පිච්චුන ඇතුලෙ කොටස් වල රස්නෙ නිසා.

Monitor / Screen

සාමාන්‍ය office+internet සහ gaming වලට දැන් තියෙන අගල් 19 screen එකක් ඇති.  මේකෙදි බලන්න ඕන දේවල් තමයි

  • Resolution – සාමානයෙන් 720p (1366×768) ඉදල Full HD (1920×1080) වගේ range එකක් තියෙනව
  • Size –  internet වලට අගල් 19 වගේ size එකකුත් movies gaming සහ designing වලට තමන්ට ගැලපෙන size එකකුත්  තොරගන්න.

Keyboard / Mouse

තවත් වැදගත් දෙයක් තමයි මේ. ටිකක් වියදම් කරල කාලයක් පාවිච්චි කරන්න පුලුවන් keyboard mouse ගන්න. රු 500කට වගේ ගණන් අඩුම mouse එකක් අරන් අවුරුද්දක් ඇතුලත ඒ වගේ mouse 3ක් ගන්නවද? නැත්නම් රු 1500ක් වගේ දීල අවුරුද්දක් 2ක් පාවිච්චි කරන්න පුලුවන් එකක් ගන්නවද?

Web cam

Skype, online gaming වගේ දේවල් වලට සමහර අයට මේක ඕන වෙන්න පුලුවන්. Web cam එකක් ගන්නවනම් branded එකක් ගන්න. අඩු ගණන් වලට තියෙන chinese දේවල් වලට සල්ලි නාස්ති කරන්න එපා. මොකද ඔයා වියදම් කරන දේට කාලයක් පවතින warranty තියෙන දෙයක් ගන්න එක ඇගට ගුණයි.

Speakers

ගොඩක් වෙලාවට සාමාන්‍ය Speakers set එකක් sounds වලට ඇති. හැබැයි හොද base එකක් එක්ක Sounds අහන්න නම් Sub woofer එකකට ආයෝජනය කරන්න. ගොඩක් අයට 2.1 sub එකක් හොදටම ඇති. 5.1 setup එකකට යනවනම් ඔයා ගන්න motherboard එකේ ඒ feature එක තියෙනවද බලන්න අමතක කරන්න එපා.

මේ තියෙන්නෙ Computer එකකට ගන්න common දේවල් මීට වඩා දේවල් ගැන විස්තර ඕනෙ නම් comment එකක් දාන්න. මම ඒ ගැන විස්තර මෙතනටම දාන්නම්.

Share:

2 Comments

  • suneth94, February 17, 2017 @ 10:53 pm Reply

    Niyamai.

  • Nilanka madushan, July 12, 2018 @ 7:29 am Reply

    නියම ආටිකල් එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *