Contact Information

WhatsApp Us

Biostar Racing P1 Mini PC unboxing

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Mini PC ගැන දන්නවද? ප්‍රමාණයෙන් කුඩා ඒත් සම්පූර්ණ Computer එකක කොටස් සහ ක්‍රියාකාරිත්වය තියෙන Computer එකක්. Biostar සමාගම නිකුත් කරපු මේ Racing P1 Mini PC එකේ ගුණාංග මොනාද කියල බලමු.

Unboxing package එක

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

  • Biostar Racing P1 Mini PC එක
  • Driver / Utilities DVD එක
  • Power Brick එක සහ මාරු කරන්න පුලුවන් Plug Top 3ක්
  • VESA Mount එක සහ ඒකට ඕන වෙන Screws
  • Audio in / out වලට Splitter cable එකක්
  • Manual එක, Quick setup guide එක

Unboxing Video එකත් බලන්න

Features

Biostar Racing P1 Mini PC එකේ Specification වෙන්නෙ

CPUIntel® Quad Core Z8350 Processor
GraphicsIntegrated Intel® HD Graphics
(Support DX12 /HDCP)
RAM4GB DDR3L-1600
ConnectivityLAN
WiFi
Bluetooth 4.1
Storage64GB eMMC Flash
Display outHDMI
Poweridle (4W)
Normal (5W)
Full (6.3W)
RGB LightingYES

ඉතින් මේ වගේ අඩු Power එකක් අවශ්‍ය, ඒ වගේම පහසුවෙන් සාක්කුවේ දාගෙන යන්න උනත් පුලුවන් තරම් පුංචි මේ Computer එකෙන් Office, Internet email, Movies වගේ දේවල් වලට ගැලපෙන performance තියෙනව.

අගල් 5 x 3 ක් වගේ වෙන මේ Mini PC එක

  • Online සහ Office වැඩ කරන කෙනෙකුට
  • online system වල වැඩකරන Office එකකට
  • පරණ TV එකක් Smart TV එකක් කරන්න

වගේ දේවල් වලට ගැලපෙනව.

VESA Mount Support

මේ කාණ්ඩයෙ ගොඩක් Mini PC Design කරන්නෙ Desk එක උඩ තියන්නයි. ඒත් Biostar Design එකේ මේකට VESA Mount support එක දීල තියෙනව වගේම Mount කරන්න VESA Mount එකයි Screws ටිකයි package එකේම අන්තර්ගත කරල තියෙනව. මේ නිසා ඔයාගෙ Screen එක පිටිපස්සෙම මේක Mount කරගන්න පුලුවන්.

Fanless Design

BioStar Racing P1 Mini PC එකේ Fans නැහැ. මේ නිසා (wear & tear) ගෙවෙන කැඩෙන කොටස් නැහැ. ඉතින් මේක ක්‍රියාත්මක වෙන පරිසරය අනුව (දූවිලි, අධික රස්නය නැත්නම්) කිසිම කරදරයක් නැතුව සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.

Inputs & Outputs

  1. USB 3.0 port එක
  2. USB 2.0 port එක
  3. Micro SD Card reader එක
  4. RGB LED Header එක
  5. Line out / Mic in Port එක
  6. Power Line connector එක
  7. USB 2.0 port 4ක්
  8. HDMI full size port එක
  9. LAN port එක

Performance

Atom Processor එක සහ Fanless Design එක කියන්නෙ මේ Mini PC එක සංකීර්ණ වැඩ වලට පාවිච්චි කරන්න බැහැ කියන එකට හොද උදාහරණයක්. මොකද active cooling නැති නිසා CPU එක රත්වෙද්දි ඒක පාලනය කරගන්න Processor එක වේගය අඩු කරනව (Thermal throttling). මේ නිසා Photoshop වගේ software එකක් පාවිච්චි කරන්න යද්දි මේ mini PC එක ගොඩක් Slow වෙනව.

හැබැයි අපි internet පාවිච්චි කරපු පැය 2ක කාලය තුල Youtube, Email, Google search වගේ දේවල් එක්ක Slowdown එකක් උනේ නැහැ.

Price 

BioStar Racing P1 Mini PC එකේ අලුත්ම මිලගණන් දැනගන්න Nanotek computer solutions price list එකට යන්න.

 

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *