Press ESC to close

Asus Vivostick PC TS 10 Unboxing

Desktop PC එකක් කියන්නෙ Full Windows Operating system එක වැඩ කරන පරිගණකයකට. සාක්කුවක දාගෙන යන්න පුලුවන් පුංචි PC තිබුනට මේවල සම්පූර්ණ OS එකක් නැහැ. තියෙන්නෙ ඒ Hardware වලටම optimize කරපු OS එකක්. හැබැයි මේ කියන්න යන්නෙ පහසුවෙන්ම සාක්කුවෙ දාගෙන යන්න පුලුවන් Full Desktop Windows තියෙන Vivostick PC එක ගැන.

 

Get Your Site Up with A2 Hosting

දැනට රු 23000 කට වෙළදපලෙන් ගන්න පුලුවන් (current price as at 2018-1-15) මේ Asus Vivostick TS 10 PC එකත් එක්ක Genuine Windows Operating system එකකුත් ලැබෙනව. ඒ වගේම මේකට ඕන වෙන්නෙ HDMI තියෙන Monitor / Tv එකක් සහ Keyboard / Mouse විතරයි.

Package එකේ එන දේවල්.

  • Asus Vivostick PC TS10 package එකේ අඩංගු වෙන්නෙ
  • Vivostick PC එක
  • HDMI extention එකක්
  • Micro USB cable සහ Wall Plug එක
  • Manual එක සහ Setup booklet එකක්.

මේක සම්පූර්ණ PC එකක් විදිහට වැඩ කරන්න නම් HDMI port එකක් තියෙන monitor එකක් හරි TV එකක් හරි ඕන වෙනව. StickPC එකේ Cover එක අයින් කරාම Full HDMI port එකක් තියෙනව.

 

Ports / Extensions

Asus Vivostick එකේ I/O ports විදිහට

micro usb port එකක් – මේක පාවිච්චි වෙන්නෙ power එක දෙන්න විතරයි.

USB 3 port එකක්

USB 2 port එකක්

3.5mm Audio jack එකක්

HDMI port එකක් තියෙනව.

 

මේ Stick PC එක හදල තියෙන්නෙ intel සමාගමේ PC on a stick කියන concept එක අනුවයි. මේක 13cm දිග 3cm පළල පුංචි smat phone එකක් වගේ, පහසුවෙන් තැන තැන අරගෙන යන්න පුලුවන් PC එකක්.

Specification විදිහට තියෙන්නෙ

CPUIntel® Atom™ x5-Z8350 Processor
GraphicIntel® HD Graphics
RAM2 GB
LPDDR3 at 1600MHz
Storage32GB eMMC
100G ASUS Webstorage for 1 Year free usage
Wireless connectivity802.11 a/b/g/n/ac , Bluetooth V4.1
I/O ports1 x Micro USB (For Power Only)
1 x USB 3.0
1 x USB 2.0
1 x Audio Jack(s) (Mic/Headphone Combo)
Display1 x HDMI Out
Power18 W Power adapter

මේ PC එකේ සම්පූර්ණ Review එක පල්ලෙහා video එකෙන් ඔයාට බලාගන්න පුලුවන්.

 

මේ ලින්ක් එකෙන් Asus Vivostick PC එකේ web page එකට යන්න

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *