Press ESC to close

Asus STRIX RX 470 Unboxing

RED Team එකේ ඉන්න අයට 1080p gaming වලට එන Polaris Architecture එක මත නිෂ්පාදිත Asus Radeon RX 470 STRIX 4GB Graphics Card එක තමයි අද unboxing කරන්නෙ.

Unboxing Package එක

Get Your Site Up with A2 Hosting

  • Asus Radeon RX 47- STRIX card එක
  • Asus ROG Stickers එක
  • Cable ties එක
  • Software/ Driver installation DVD එක
  • Free 15 Day Gaming coupon එක

Features

AMD සමාගම එයාලගෙ අලුත් polaris Architecture එක හදුන්වා දුන්නෙ budget $100-300$ කාණ්ඩයටයි.  මේක සාමානයෙන් Nvidia සමාගම කරන පළවෙනියට Top segment එකට දේවල් නිකුත් කරන ක්‍රමයට වඩා වෙනස් වගේම සාර්ථක ක්‍රමයක්. මොකද වැඩි ප්‍රමාණයක් Computer accesories විකිණෙන්නෙ මේ bugjet segment එකෙන් නිසා.

Budget segment එකට නිකුත් කරාට Polaris 10 Architecture එක Direct X 12 වලටම design කරපු power consumption එකත් අඩු chip එකක්. Card එකේ Specifications කෙටියෙන් ගත්තොත්..

Shader Units2048
ROPs32
Graphics ProcessorEllesmere
Transistors5700M
Memory Size4 GB
Memory Bus Width256 bit
Core Clock1270 MHz
Memory Clock1650 MHz

Asus ROG card එකේ core clock speed එක referance card එකේ 1206 MHz ඉදන් 1270 MHz ක් වෙනකල් overclock කරල තියෙනව. මේ නිසා Asus STRIX RX 470 card එක අනික් RX 470 වලට වඩා 25%ක් performance වලින් ඉදිරියෙන් ඉන්නව.

Asus Fan connect

අවුරුද්ද පුරාවටම රස්නෙ තියෙන ලංකාවට වැදගත් වෙන smart feature එකක් තමයි මේ. Graphic card එකේම තියෙන 4-Pin Fan header එකෙන් ඔයාලගෙ casing fan එකක් control කරන්න පුලුවන්. මේක control වෙන්නෙ Graphic card එක රත්වෙන විදිහ අනුවයි. මේ නිසා අවශ්‍ය වෙලාවට වැඩි Air flow එකක් Casing එක ඇතුලට ගන්න පුලුවන් නිසා කාර්යක්ෂමව Graphics Card එක Cool down කරන්න පුලුවන්.

5+1 Phase Super Alloy Power II

Asus එයාලගෙ Card එකට පාවිච්චි කරන හොදම තත්වයේ  capacitor, choke, transistors වගේ දේවල් නිසා අනෙක් Cards වලට වඩා 50% ක්ම රත්වීම අඩුයි. මේ හැම ගුණාංගයක්ම එකතුවෙලා Card දිගු කාලයක් පවතිනව වගේම full performance ගන්න පුලුවන් තත්වයෙන්ම පැවතීම සහතික කරනව.

Cooling – Direct CU II + Dual Wing Blade Design

Cooling ගැන කතා කරද්දි කියන්න තියෙන ප්‍රධාන දේ Asus 0db fans feature එකයි. Direct CU II heat sink එක නිසා අනෙක් GPU වලට වඩා 30%ක් cool එකේ තියෙන Card එකේ Fans කැරකෙන්න පටන් ගන්නෙ Card එක ලොකු Game එකක් වගේ සංකීර්ණ වැඩක් කරන වෙලාවට විතරයි.  ඒ වෙලාවටත් Fans වල සද්දෙ ඇහෙන්නෙ නැහැ. මොකද මේ Dual Wing Blade Design එක නිසා වැඩි Airflow එකක් යවල Card එක cool කරන්න Fans full speed වැඩකරන්න ඕන නැති නිසා.

 

Outputs

two . The other two connectors include  and  (HBR3/1.4 HDR-ready). The latter enables 4K at  and 5K at 60 Hz. There is no second DisplayPort output, so the 8K at 60 Hz that’s theoretically possible using two cables can’t be achieved with this card.

Card එකේ output විදිහට

  • Dual-link DVI connectors දෙකක්
  • HDMI 2.0b port එකක්
  • DisplayPort 1.3 port එකක් – මේකෙන් 120 Hz – 4K out එකක්  ගන්න පුලුවන්

Power

Asus Radeon RX 470 STRIX card එකට වැඩිපුර 6-pin external power එකක් දෙන්න ඕන. අවමය විදිහට 450Watt power supply එකක් මේකට ඇති.

Experience එක සහ Build Quality

ROG branding එක යටතේ එන මේ කාඩ් එකේ Build quality එක උපරිමයි. RGB LED lighting වලින් එන ROG Logo එක Asus Aura Sync feature එකෙන් පාට මිලියන 16ක් දක්වා වෙනස් කරන්න පුලුවන් Control කරන්න පුලුවන්.

මිල

2017 මාර්තු වෙද්දි රු 28000කට තියෙන මේ Card එකේ අලුත්ම price බලන්න Nanotek Price list එකට යන්න.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *