NVIDIA Pascal architecture එක මත නිර්මාණය කරල තියෙන Asus Geforce GTX 1060 Graphics Card එක 1080p Gaming වලට එන midrange Card එකක්.
Unboxing Package එක
- Asus ROG STRIX GTX 1060 card එක
- Software/ Driver installation DVD එක
- Quick setup guide එක
- Battle Ships Game එකට premium 15 Day Account එකක්
- Cable ties
Unboxing Video එකත් බලන්න
Features
Asusලගේ GTX 1060 – 6GB Graphics Card එක Nvidia reference design එකෙන් එහා ගිය දැන් තියෙන Games 1080p Very High settings වලින් ගහන්න පුලුවන් Gaming Card එකක්. මේකෙ තියෙන Specifications ගත්තොත්
Architecture | Pascal |
CUDA cores | 1280 |
Base Clock | 1620 MHz |
Boost Clock | 1847 MHz |
Memory Clock | 8208 MHz |
VRAM | 6GB DDR5 |
Memory Bus | 192-bit |
Power Consumption | 170 Watts |
Asus ලටම විශේෂ වෙන Asus Fanconnect technology එකෙන් Casing එකේ Fans 2ක් Card එකට Connect කරල GPU එකේ උෂ්ණත්වය අනුව Control වෙන්න හදන්න පුලුවන්. මේක ලංකාව වගේ රස්නෙ රටකට ගොඩක් ගැලපෙනව මොකද Graphics card එක වගේම සම්පූර්ණ System එකම Cool එකේ තියෙන එක හොද performance output එකකට වැදගත් වෙන නිසා.
ඒ වගේම Asus Aura RGB lighting මේ Card එකේ තියෙනව. Asus Aura Sync software එකෙන් පාට මිලියන 16.8ක් වෙනකන් Control කරන්න පුලුවන්.
ඒ වගේම මේ Card එක Overclock profiles 3ක් එක්ක එනව.
Silent – මේක සාමානය multimedia, Video වගේ වැඩ වලදි පාවිච්චි කරන්න
Gaming – Games ගහද්දි මේක පාවිච්චි කරන්න
OC – Gaming වලදි ලැබෙන performance මදියි නම් විතරක් මේ Mode එකට යන්න.
Card එක overclock කරන්නත් Asus Software එක හරහා ලේසියෙන්ම පුලුවන් උනත් Overclock කරන්න අවශය නම් විතරක් ඒ දේ කරන්න.
Performance
Direct X 12 optimize කරපු pascal Architecture එකෙන් එන Asus STRIX GEFORCE GTX 1060 කියන්නෙ දැන් තියෙන modern game titles ඔක්කොම Very High/Ultra settings වලින් play කරන්න පුලුවන් card එකක්. ඉතින් 1080p gaming වලට නම් තව වැඩි ගානක් දීල මීට උඩ Card එකකට යන එක තේරුමක් නැහැ.
Outputs
DVI port එකක්, HDMI 2.0 port 2ක්, Display port (version 1.3) 2ක් තියෙන මේ කාඩ් එකේ Display Port වලින් 4k – 120 Hz සහ HDMI ports වලින් 4k-60Hz outputs ගන්න පුලුවන්. තාමත් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ 1080p Screens නිසා gaming වලදි උපරිම performance ගන්න 1080p Setting එක හොදයි.
Power
8 Pin Power connector එකක් තියෙන කාඩ් එක ගන්න කලින් ඔයාගේ Power supply එකේ Extra 8-pin connector එකක් තියෙනවද කියල බලන්න. ඒ වගේම Overclock කරන්නත් පුලුවන් නිසා ඒ හැමදේටම හරියන්න 500w එහෙමත් නැත්නම් 550w power supply එකක් තියෙන එක හොදයි.
Experience එක සහ මිල
මේ ලිපිය ලියද්දි Asus GTX 1060 Card එකේ මිළ රු 62000ක් වෙනව. අලුත්ම මිලගණන් දැනගන්න Nanotek computer solutions price list එකට යන්න.
Leave a Reply