NuAns Neo කියන්නෙ ජපානයෙන් Windows platform එකට නිකුත් කරපු ටිකක් අමුතු Smart phone එකක්. අරමුදල් රැස්කරන kick starter project එකක් විදිහටත් fail වෙච්ච මේ phone එක ජනප්‍රිය උනේ ඒකෙ වෙනස් design එක නිසයි. උඩ සහ යට කොටස් මාරු කරන්න පුලුවන් විදිහට හදපු මේක මුලින්ම නිකුත් උනේ ජපානෙට විතරයි.
ගොඩක් බලාපොරොත්තු එක්ක වෙනස්ම විදිහකට phone එකේ කවර තමන්ට කැමත් විදිහට තෝරගෙන වෙනස්ම smart phone customization අත්දැකීමකට ලෝකය යොමුකල NuAns Neo කරපු ලොකුම වැරැද්ද තමයි තාමත් market එකේ ජනප්‍රිය නැති windows mobile එක තමන්ගෙ OS එක විදිහට පාවිච්චි කරපු එක. ඉතින් තමන්ගෙ වැරැද්ද නිවැරදි කරගෙන ඒගොල්ලො NuAns Neo reloaded smart phone එක පහුගිය පෙබරවාරි 20 වෙනිද නිකුත් කරා. මේ සැරේ phone OS එක විදිහට එන්නෙ අපි කවුරුත් දන්න Android 7.1 Nougat.
NuAns Neo relaoded විස්තර
- අගල් 5.2 1,920 x 1,080 resolution IPS තිරය
- 3GB RAM
- 3,350mAh battery එක
- Qualcomm Snapdragon 625 CPU එක
මේ වෙනසත් එක්ක උපතින්ම ගොඩක් වෙනස් Neo Smart phone එක ලෝකයෙම ජනප්‍රිය වෙන්න කියල අපිත් සුභ පතනව. මේ වෙනසින් තේරුම් ගතයුතු කාරනය තමයි Windows mobile OS එක තාමත් phone users ල අතර හිතන තරම් ජනප්‍රිය නොවීම. මේ හින්දම තමයි Microsoft සමාගම එයාලගෙ අලුත් Surface phone එක ලොකු වෙනසක් එක්ක වෙළදපලට නිකුත් කරන්න ඉන්නෙ. (ලිපිය මෙතනින් කියවන්න)
Leave a Reply