Contact Information

WhatsApp Us

AMD RYZEN වලට බය Intel

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

AMD සමාගම එයාලගෙ RYZEN CPU එක ලබන මාර්තු 2වෙනිද වෙළදපලට නිකුත් කරන්න යනව. අවුරුදු 10කට වැඩි කාලයක් computer processor ලෝකයෙ කිරුළ දරාගෙන හිටිය intel සමාගම නවතම RYZEN ගැන බය වෙලා ඉන්න බවත් ආරංචියි. මේ තමයි  AMD සමාගම අවුරුදු කිහිපයක් පර්යේෂණ කරල හදපු අලුත් CPU Architecture එක.

RYZEN launch එකේදි CPU 3ක් නිකුත් කරන්න නියමිතයි. මේ CPU 3ම දැන් පවතින වෙළදපලට ආයෙත් ලොකු වෙනසක් ඇති කරන අංගයන් කිහිපයක් එක්කයි එන්නෙ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
Model (GHz)Base Clock (GHz)Boost Clock (GHz)TDP (watts)coolerPrice ($)
Ryzen 7 1800X3.64.095N/A$499
Ryzen 7 1700X3.43.895N/A$399
Ryzen 7 17003.03.765Wraith Spire$329

intel බය වෙන හේතුව

Ryzen 7 1800x CPU එක වෙළදපලට නිකුත් කරන්නෙ intel core i7 6900k එකේ මිලට වඩා 50%ක්ම අඩු මිලකටයි. නමුත් දැනට නිකුත් වෙලා තියෙන benchmark අනුව ryzen chip එක i7 6900k එකට වඩා perform කරනව. මේක මෙතෙක් තමන්ගෙ නිෂ්පාදන අධික මිලකට විකුණපු intel ලට ලොකු පහරක් වගේම එයාලට market එකේ රැදෙන්න නම් මිල අඩුකිරීමක් කරන්නත් වෙයි.

AMD සමාගම කිව්වෙ RYZEN chip එක වැඩ කරන්න අවශ්‍ය X370 සහ B350 chipset අඩංගු motherboard 82ක් මේ එක්කම විවිධ නිෂ්පාදන සමාගම් නිකුත් කරනව කියලයි. අලුත්ම Architechture එකකට මේ වගේ විශාල motherboard සහ අනෙක් උපාංග ගණනක් නිකුත් වෙනව කියන්නෙ ඒ අයටත් මේ CPU එකේ වෙනස දැනිල තියෙනව කියන එකයි. හරියටම තව සතියකින් පස්සෙ internet එකේ මේ ගැන ගොඩක් තොරතුරු තියෙයි. ඒ ගැනත් තොරතුරු අපි අරන් එන්නම්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *