Press ESC to close

Addlink විසින් PlayStation 5 සඳහා මිල අඩු SSD පෙළක් හඳුන්වාදෙයි.

පසුගිය සති කිහිපයේම විවිධ SSD නිශ්පාදකයින් විසින් PlayStation 5 සඳහා විශේෂයෙන් නිපදවපු හෝ ඒවාත් එක්ක compatible වෙන M.2 වර්ගයේ SSDs models රාශියක් නිකුත් කරනු ලැබුවා. මේ අතර හුඟක් SSDs වේගවත්, සුපිරි performance එකක් ලබා දුන්නත් මිල ඉතා අධිකයි. මේ අතර Addlink සමාගම ඊට වඩා මිල අඩු AddGame A90 සහ A92 කියල අලුත් SSD models 2ක් හඳුන්වලා දීලා තියනවා. මේ අලුත් model දෙක AddGame A95 කියන high end SSD එකත් එක්ක වෙලඳපොළට එකතු වේවී. මේ සියලුම drivers, M.2-2280 කියන form-factor එකෙන් සහ PCIe 4.0 x4 interface එකෙන් සම්බන්ධ කරන්න පුලුවන්. ඒ වගේම ලොකු කාර්‍යයන් සිදුකිරීමේදී ස්ථාවර ක්‍රියාකාරිත්වයක් සහතික කිරීම සඳහා ඇලුමිනියම් heat spreader එකකිනුත් සමන්විත වෙනවා.

Addlink සමාගමේ AddGame A90 SSD වල 1TB සහ 2TB models දෙකක් බලාගන්න පුලුවන්. මේ series එක 3D TLC මතකයකින් සමන්විතයි. මේවට PlayStation 5 තුල වැඩ කරද්දි 5600 MB/s තරන් වේගයකින් ක්‍රියාත්මක වෙන්න පුලුවන්. PC වලදි මේවගෙ වේගය අඩු උනත් ඒක එච්චර අවාසියක් නෙවෙයි මොකද මේ SSD විශේෂයෙන් design කරල තියෙන්නෙ console වලට නිසා. PC වලදි ක්‍රියාත්මක වෙද්දිත් මේ SSD වලට දැනට තියන හොඳම SSDs ලබා දෙන වේගයට ලං වෙන්න හැකියාව තියනවා. capacity, performance, endurance, සහ මිල අතර හොඳ සමබරතාවයක් මේ AddGame A90 series එක ලබා දෙනව කියල Addlink සමාගම ප්‍රකාශ කරනවා.

Get Your Site Up with A2 Hosting

AddGame A92 model එක 1TB, 2TB, සහ 4TB කියන ධාරිතා වලින් යුක්තයි. මේ series එක 3D QLC කියන මතක වර්ගයෙන් සමන්විතයි. PS5 තුලදි A92 SSD වලත් වේගය 5600 MB/s වගේ වෙනවා. මේ SSDs වල දත්ත පිරුනාම වේගයේ සිදුවන වෙනස ගැනනම් තවම හරියට වාර්තා නෑ. PC වලදි භාවිතා වෙද්දිත් A92 කියන්නෙ වේගවත් SSD එකක්.

Addlink සමාගම ප්‍රකාශ කරනවා A92 lineup එක මූලිකව අඩු මිල SSD එකක් හොයන තමන්ගෙ Games PS5 එකේම store කරගන්න කැමති පාරිභෝගිකයන් ඉලක්ක කරගෙන නිශ්පාදනය කරපු බව.

A95, A92 සහ A90 සඳහා පාවිච්චි කරපු controllers මොනවද කියන එක සහ flash memory එකේ නිශ්පාදකයා කවුද කියන එක Addlink සමාගම තවම ප්‍රසිද්ධියට පත් කරල නෑ. ඒ වගේම A series එකේ SSD වල මිලත් තවම නිවේදනය කරල නෑ. ඒත් performance වල හැටියට A95 වල මිල සාපේක්ෂව වැඩි වේවී, ඊට වඩා A90 වල මිල අඩු වෙන අතර 3D QLC flash එකක් සහිත A92 වල මිල මේ අතරින් අඩුම ගණනක් වේවී. මේ SSDs ලඟදීම Addlink සමාගමේ retail partners ලගෙන් සහ එම සමාගමේ Amazon store එකෙන් මිලදී ගන්න හැකියාව ලැබේවී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *