2017 නැවත පණ ලබන Nokia 3310

ගලේ ගැහුවත් කැඩෙන්නැති, මාස ගණන් battery life තිබුන Nokia 3310 එක 2000 ගණන්වල phone පාවිච්චි කරපු ගොඩක් දෙනෙක්ගෙ අතේ තිබුන. මේ අවුරුද්දෙ launch කරපු Nokia 6 phone එකත් එක්ක launch කරන්න යන phone model අතර Nokia  3310 එකත් තියෙන බවටයි ආරංචි වෙන්නෙ. (Nokia 6 ගැන ලිපිය මෙතනින් කියවන්න)

මීට අවුරුදු 17කට කලින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැගපු Nokia 3310 එක Nokia සමාගමේ iconic phone එකක්. දැන් nokia brand එක අයිති HMD Global සමාගම ආයෙත් Nokia 3310 එක හදන්නයි යන්නෙ. මේකෙ තියෙන ගුණාංග අදට ගැලපෙන විදිහට ටිකක් upgrade කරල Backup phone එකක් විදිහට market කරත් හුගක් දෙනෙක් මේකට අනිවාර්යෙන්ම කැමති වෙනව.

Nokia 3310 Features

Review Sri Lanka කියන්නෙ ලංකාවෙ තියෙන භාන්ඩ හා සේවා ගැන අපේ අදහස් කියන්න පුලුවන් තැනක්. www.reviewsrilanka.com
  • මාරු කරන්න පුලුවන් කවර
  • ලයින් 5ක monochrome screen එක
  • Mini Sim slot
  • Screen savers
  • Welcome message
  • Vibration, downloadable reingtones
  • SMS
  • Snake II, Pairs II, Space Impact, Bantumi games
  • Calculator
  • removable 900 mAh battery

මේ phone එක කොච්චර හයියද කියල මේ online meme ටික බලද්දි ඔයාට තේරෙයි.  Click here

 

Tech writer, Youtube presenter & PC junky from Sri Lanka
Please follow and like us:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*