Press ESC to close

මොකක්ද මේ intel Generations?

computer CPU නිපදවන intel සමාගම තමන්ගෙ core processor නිකුත් කරන්න පටන් ගත්තෙ 2009 දි නිකුත් කරපු 45nm CPU line up එකත් එක්කයි. එතැන් පටන්  CPU කාන්ඩ නිකුත් කරපු පිලිවෙල අනුව ඒව generations වලට වෙන්කෙරුනා. 1st gen, 2nd gen, 3rd gen විදිහට හදුන්වන මේ generation වල 2017දි නිකුත් උනේ 7 වෙනි Generation එකයි.

මේ එක් එක් පරම්පරා වලදි intel CPU line up එකට අලුත් feature එකතු උනා වගේම ඒවා නිපදවපු lithography process එකත් කුඩා උනා. ඔයාගෙ CPU එක මොන Generation එකට අයිතිද කියන එක CPU model number එකෙන් හොයන්න පුලුවන්.

Get Your Site Up with A2 Hosting

1st gen CPU වල තියෙන්නෙ (core i5- 650) වගේ 1000 ට අඩු අංකයක්.

2nd gen ඒව (core i3 -2120) වගේ 2000 අගයන් වලිනුත් විදිහට තමයි මේව නම් වෙන්නෙ.

3rd gen CPU වල අගට 3xxx අංකයක් එකතු වෙනව.

මේ විදිහට නිකුත් කරපු intel CPU දැන් 7වෙනි පරම්පරාව දක්වා ඇවිත්. 2017 නිකුත් කරපු 7th gen CPU වල නමට එකතු වෙන 7xxx අංකයන් වලිනුත් පහසුවෙන් හදුනගන්න පුලුවන්.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *